රජය සිතන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තම අර්බුදය යකඩ ඌනතාවයක් කියාද ??

Date:

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සපයා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් කොටසක් වැය කර ඉදිකිරීම් සඳහා අවශ්‍ය යකඩ ගෙන්වීමට රජය සූදානම් වන බවට පුවතක් මේ සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවතට අනුව අදාළ ණය මුදලෙන් මෙතෙක් භාවිතා කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක් පමණ වන අතර ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 750 න් කොටසක් යකඩ ආනයනය සඳහා වැය කිරීමට රජය සූදානම් වන බව සඳහන්.

රජයට හිතවත් ඉහළම පෙළේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු මෙම වෑයම පසුපස සිටින බවයි එම පුවතේ දැක්වෙන්නේ.

අපත් ඇතුළු ලෝකයම දන්නේ ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය හිඟයකින් පෙළෙන බවත් ණය ගෙවාගැනීමට නොහැකි වීම සහ ඉතාම වේගයෙන් ඉහළ යන උද්ධමනය අනුව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් ය. එමෙන්ම ඉදිරියේදී ආහාර හිඟයකට ඇතුළු බරපතළ සමාජ ආර්ථික ව්‍යසනයක මුවවිටෙහි අප සිටින බව පැහැදිලිව පෙනේ.

එහෙත් රජයේ බලධාරීන් සිතන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තම අර්බුදය “යකඩ ඌනතාවයක්” කියාදැයි අප දන්නේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...