මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්.මෙන්න ක්‍රමය! (VIDEO)

0
6866

පවතින ආර්ථික අර්බුදය විසඳිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිය පක්ෂයේ මැයි දින රැස්වීමක් අමතමින් සඳහන් කළේය.

ඒ සඳහා කළ යුතු දේවල් පිළිබඳවද එහිදී වික්‍රමසිංහ මහතා පැහැදිලි කළ අතර ඉදිරි වසර දෙකක කාලය තුළ සෘජුවම ආදායම බදු වැඩිකරමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන දෙමින් ජාත්‍යන්තර ආදර්ශයන් හා උපදේශයන් මත එම වැඩපිළිවෙල දියත් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් තමන් 20 වෙනි සංශෝධනයට විරුද්ධ බවත් 21 වෙනි සංශෝධනය හරහා ජනාධිපති බලතල අහෝසි කළ යුතු බවත් හෙතෙම සඳහන් කරන ලදී.

එහෙත් 21 වෙනි සංශෝධනය ගෙන ඒමෙන් පමණක් ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් නැති බවයි වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here