රජය අපහසුතාවයට පත්කිරීම : CIDය ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි !

0
404

සටහන – රුවන් නෙළුගොල්ල

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ශාන්ත සිල්වා ඊයේ (මාර්තු 04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

ඒ, තෙල් බෙදුම්කරුවන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙන බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු පැමිණිල්ලක් අනුව ය.

එහිදී ඔවුන් දෙදෙනාගෙන් පැය 05ක් තිස්සේ ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.