මහා පරිමාණ මිනිස් ජාවාරමක් ගැන පොලීසියට පැමිණිල්ලක් !

Date:

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් සහ විදේශ සංචාර සඳහා රැගෙන යන බව පවසමින් ශ්‍රී ලාංකික පුද්ගලයින් කණ්ඩායමක් විසින් ලාඕසයේ සිට මෙහෙයවනු ලබන විශාල මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම ජාවාරම්කරුවන් හේතුවෙන් අගතියට පත් පුද්ගලයින් 32 දෙනෙකු වෙනුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තුසාර සාලිය රණවක නොහොත් මයිකල් රණරක නමින් පෙනී සිටින පුද්ගලයකු මෙම ජාවාරමෙහි මහ මොළකරු බවත් ඔහු සතුව ව්‍යාජ කැනඩා විදෙස් ගමන් බලපත්‍රයක් ද ඇති බවත් ලාඕසයට පැනගොස් සිටින ඔහු එහි VT Lao Farm Beer Ganden Restaurant, Lao Travellers Vo. Ltd සහ VT Sky Ship Hotel Co. Ltd නම් ආයතන පවත්වාගෙන යන බවත් සඳහන්.

මොහුත් සමග මෙම ජාවාරම් සඳහා ජනක සුසන්ත සහ වලිසිංහ නුමින්ද සංජය සිල්වා නමැති අයත් සම්බන්ධව සිටින අතර අනෙකුත් අයගේ තොරතුරු දැනට අනාවරණය වී නොමැති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එසේම මෙම ජාවාරම්කරුවන්ට විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් සොයාදීම ප්‍රසන්න අනුරාධ ඩැනියෙල් නම් තැනැත්තෙකු විසින් සිදුකරනු ලබන අතර ඔහු එම කටයුතු CMK Enterprises (Pvt) Ltd නමින් පවත්වාගෙන යන කාර්යාල තුනක් හරහා සිදුකර බවත් දක්වා ඇත. මීට නිලන්ති ඩී සිල්වා නම් කාන්තාවක් ද හවුල්ව සිටින බවත් එහි සඳහන්.

මෙම පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පිළිබඳ විස්තර ද පැමිණිල්ලෙහි දක්වා ඇති අතර මෙරටදී මෙන්ම කාම්බෝජයේදී මුදල් ලබාගත් ආකාරය ද මුදල් හුවමාරුවට භාණ්ඩ මිලදී ලබාගත් ආකාරය ද දක්වා ඇත.

පැමිණිල්ලෙහි දක්වා ඇති අගතියට පත් පුද්ගලයින් 32 දෙනෙකුගෙන් මොවුන් ලබාගෙන වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 350 කට අධික ය.

ලාඕසයට පළාගොස් සිටින තුසාර සාලිය රණවක නොහොත් මයිකල් රණරක නමින් පෙනී සිටින පුද්ගලයා තවත් පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇතැයි පැවසෙන අතර ඔහු මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු සමග සබඳතා පවත්වන බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...