බුවනෙක සහ රසිඳු අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 05, (LNW)කොළඹ

HUNDRED Sri Lanka International Series 2025 බැඩ්මින්ටන් සූරතාවලියේ පිරිමි කේවල අංශයෙන් තරග වැඳුණු බුවනෙක ගුණතිලක සහ රසිඳු හෙන්දහේවා යන දෙදෙනාම අවසන් 16 දෙනා අතරට පැමිණීමට සමත් වුණා.බුවනෙක විසින් ඉන්දුනීසියාවේ හෙන්රිකෝ විබෝවෝ ක්හෝ ලකුණු 21-7 සහ 21 – 15 ක් ලෙස පරාජයට කරන්නට සමත් වුණා.මෙම තරගාවලියට ආසන්න ශ්‍රේණිගත කිරීම්වල හයවැන්නා සේ සිටින රසිඳු හෙන්දහේවා විසින් ඉන්දියාවේ නිකොලස් රාජ්ව වට 2-0 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වුණේ 21-18 ක් සහ 21 -13 ක් ලෙසයි.


තරගාවලියට අදාළව ඉහළ ශ්‍රේණියක (තෙවන තැන) සිටි දුමිදු අබේවික්‍රම මේ තරගාවලියේදී මැලේසියානු ක්‍රීඩක ලොව් එව් කොන්ග් හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත් වුණා.එහිදී ලකුණු තත්ත්වය 17 – 21,21 – 13 සහ 21 – 15 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.


මේ අතර මිශ්‍ර යුගල තරග අංශයේදී ද යුගලයන් දෙකක්ම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.විශේෂත්වය වූයේ ඔවුන්ට මූලික වටයෙදී ප්‍රතිවාදීන් ලෙස ශ්‍රී ලංකා යුගලයන්ම හමුවීමයි.එහිදී චේතන ද සිල්වා සහ රශ්මි මුදලිගේ විසින් 21- 18,18 – 21 සහ 21 13 ක් ලෙස සියත් සේනාරත්න සහ හසිනි අම්බලන්ගොඩ පරාජය කරනු ලැබුවා.එසේම දිනුජ රශ්මික සහ අනුමි මානගේ විසින් 21 -1 6 සහ 21 – 11 ක් ලෙස නිශාන්ත බාලන සහ ග්නේයි සවාල් පරාජය කරමින් අවසන් 16 අතරට පිවිසුනා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...