ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් එකදු හාමාස් සමජිකයකුවත් ඉතිරි නොකරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයේ අත්අඩංගුවේ පසුවන සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් එකදු හාමාස් සමජිකයකුවත් ඉතිරි නොකරන බවට අනතුරු අඟවා තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, මේ ඔබේ අවසාන අනතුරු ඇඟවීමයි! ගාසා තීරයේ ජනතාවට සුන්දර අනාගතයක් අපේක්ෂා කරයි, නමුත් ඔබ ප්‍රාණ ඇපකරුවන් තබා ගන්නේ නම් ඔබ ජිවත් නොවනු ඇත. බුද්ධිමත් තීරණයක් ගන්න! ඔබ ඝාතනය කළ පුද්ගලයින්ගේ සියලුම මළ සිරුරු වහාම ආපසු ලබා දෙන්න, අසනීප සහ විකෘති මිනිසුන් පමණක් ශරීර තබා ගනී, ඔබ අසනීප වී විකෘති වී ඇත! මම ඊශ්‍රායලයට කාර්යය අවසන් කිරීමට අවශ්‍ය සියල්ල යවනවා, ඔබ මා කියන ආකාරයට නොකළහොත් එක හමාස් සාමාජිකයෙකුටවත් ආරක්ෂාවක් නැත. යනුවෙනි.

වොෂින්ටනය හමාස් සමඟ සාකච්ඡා පවත්වන බව ධවල මන්දිරය තහවුරු කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයා මෙම ප්‍රකශය සිදුකර ඇති අතර පලස්තීන භූමිය සංවර්ධනය කිරීමට හා එහි ජනතාවට වසාත් සුවපහසු ජිවිතයක් ගොඩ නැගීමට එය එක්සත් ජනපදයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව, සටන් විරාමයේ පළමු අදියර දීර්ඝ කර ගැනීමට උත්සහ කරමින් සිටින අතර ඊශ්‍රායලය ගාසා තිරයට ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු කිසිදු මානුෂීය ආධාරයක් ඇතුළුවීම වළකවා ඇත.

මේ සම්බන්ධයෙන් ලොව පුරා රටවල් වල විරෝධතාවයක් ඇතිව ඇති අතර සාගින්න යුද අවියක් ලෙස යොදා ගැනීම ඇතුළු ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට නෙතන්යාහු දැනටමත් මුහුණ දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...