රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ (LNW):
අද (07) දින මුදල් අමාත්‍යාංශයේදී, ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම පැවැත්වුණි.
මේ අවස්ථාව සඳහා ජපන් තානාපති Akio Isomata මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදුකළ යුතු බවත් එම ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමෙන් පමණක් මෙරට ආර්ථිකය ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන හැකියාව ලැබෙනු ඇති බවත්ය.
