රාමසාන් උපවාසය අතරතුර ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ මුස්ලිම් පල්ලිවලට පහර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉස්ලාමයේ ශුද්ධ වූ රාමසාන් උපවාස මාසයේ පළමු සිකුරාදා (07)දින එනම් අද දින ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ අල්-නස්ර් මුස්ලිම් පල්ලියට පහර දී ඇති බව වාර්තා වේ.

නැබ්ලස් හි පැරණි නගර මුස්ලිම් පල්ලිවලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර පලස්තීනයේ ආගමික කටයුතු අමාත්‍යාංශය හෙළා දැක ඇති අතර ඊශ්‍රායල හමුදා පැරණි නගරයේ මුස්ලිම් පල්ලි කිහිපයක් වටලා ඒවා අපවිත්‍ර කර තිබේ.

අල්-අක්සා ජෙරුසලමේ පැරණි නගරයේ හදවතෙහි යුදෙව්වන් හර් හ-බයිට් නොහොත් ටෙම්පල් මවුන්ට් ලෙසත්, ජාත්‍යන්තරව මුස්ලිම්වරුන් අල්-හරාම් අල්-ෂරීෆ් නොහොත් උතුම් අභයභූමිය ලෙසත් දන්නා කන්දක් මත පිහිටා ඇත.
මුස්ලිම්වරු මෙම ස්ථානය මක්කම සහ මෙඩිනාට පසුව ඉස්ලාමයේ තුන්වන ශුද්ධස්ථානය ලෙස සලකති.

මේ වන විට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර ඔවුන් විසින් ගාසා තිරයට සියලුම ආධාර සැපයුම් අවහිර කර දින හයක් ගත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...