රාමසාන් උපවාසය අතරතුර ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ මුස්ලිම් පල්ලිවලට පහර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉස්ලාමයේ ශුද්ධ වූ රාමසාන් උපවාස මාසයේ පළමු සිකුරාදා (07)දින එනම් අද දින ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ අල්-නස්ර් මුස්ලිම් පල්ලියට පහර දී ඇති බව වාර්තා වේ.

නැබ්ලස් හි පැරණි නගර මුස්ලිම් පල්ලිවලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර පලස්තීනයේ ආගමික කටයුතු අමාත්‍යාංශය හෙළා දැක ඇති අතර ඊශ්‍රායල හමුදා පැරණි නගරයේ මුස්ලිම් පල්ලි කිහිපයක් වටලා ඒවා අපවිත්‍ර කර තිබේ.

අල්-අක්සා ජෙරුසලමේ පැරණි නගරයේ හදවතෙහි යුදෙව්වන් හර් හ-බයිට් නොහොත් ටෙම්පල් මවුන්ට් ලෙසත්, ජාත්‍යන්තරව මුස්ලිම්වරුන් අල්-හරාම් අල්-ෂරීෆ් නොහොත් උතුම් අභයභූමිය ලෙසත් දන්නා කන්දක් මත පිහිටා ඇත.
මුස්ලිම්වරු මෙම ස්ථානය මක්කම සහ මෙඩිනාට පසුව ඉස්ලාමයේ තුන්වන ශුද්ධස්ථානය ලෙස සලකති.

මේ වන විට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර ඔවුන් විසින් ගාසා තිරයට සියලුම ආධාර සැපයුම් අවහිර කර දින හයක් ගත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...