තැපැල් දෙපාර්තමේන්තුවේ නව EMS සේවාව පිළිබඳව මහජන දැනුවත් කිරීමක්!

Date:

කොළඹ LNW:ලිපි ලේඛණ හා වෙළඳ භාණ්ඩ කෙටි කළත් තුළදී ගුවනින් බෙදා හැරෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ EMS සීඝ්‍රගාමී ජාත්‍යන්තර බෙදා හැරීමේ නව සේවාව පිළිබදව මහජනය දැනුවත් කිරීමක් මහනුවර නගරයේදී අද (08) සිදු කෙරිණි.

මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලයේ මෙහෙයවීම මත මෙම සේවාව පිළිබදව දැනුවත් කළ අතර මේ තුළීන් රටවල් 42ක් සඳහා උපරිම දින 07ක කාලයක් තුළදී භාණ්ඩ බෙදා හැරීමේ කාර්යය සිදුවේ.

එමෙන්ම තවත් රටවල් 200ක් වෙත එය ව්‍යාප්ත වන බව ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමින් මහනුවර උතුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි එච්.එම්.ඩබ්ලියු.අයි.බණ්ඩාර මහතා පැවසුවේය.

කඩිනමින් විශ්වාසවන්තව භාණ්ඩ බෙදා හැරීමේ සේවාවක් වශයෙන් මෙය හැදින් විය හැකි බවත් මහනුවරට අමතරව ගම්පොල, කටුගස්තොට, පේරාදෙණීය නගරවල ප්‍රවර්ධන කටයුතු සිදුවූ බව ද ඒ මහතා කීවේය.

අද දිනයේ සෑම තැපැල් කාර්යාලයකම මෙම සේවාව හදුන්වා දෙන බවත් දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයකින් මෙම සේවාව ලබා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් හිමාලි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...