තැපැල් දෙපාර්තමේන්තුවේ නව EMS සේවාව පිළිබඳව මහජන දැනුවත් කිරීමක්!

කොළඹ LNW:ලිපි ලේඛණ හා වෙළඳ භාණ්ඩ කෙටි කළත් තුළදී ගුවනින් බෙදා හැරෙන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ EMS සීඝ්‍රගාමී ජාත්‍යන්තර බෙදා හැරීමේ නව සේවාව පිළිබදව මහජනය දැනුවත් කිරීමක් මහනුවර නගරයේදී අද (08) සිදු කෙරිණි.

මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලයේ මෙහෙයවීම මත මෙම සේවාව පිළිබදව දැනුවත් කළ අතර මේ තුළීන් රටවල් 42ක් සඳහා උපරිම දින 07ක කාලයක් තුළදී භාණ්ඩ බෙදා හැරීමේ කාර්යය සිදුවේ.

එමෙන්ම තවත් රටවල් 200ක් වෙත එය ව්‍යාප්ත වන බව ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමින් මහනුවර උතුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි එච්.එම්.ඩබ්ලියු.අයි.බණ්ඩාර මහතා පැවසුවේය.

කඩිනමින් විශ්වාසවන්තව භාණ්ඩ බෙදා හැරීමේ සේවාවක් වශයෙන් මෙය හැදින් විය හැකි බවත් මහනුවරට අමතරව ගම්පොල, කටුගස්තොට, පේරාදෙණීය නගරවල ප්‍රවර්ධන කටයුතු සිදුවූ බව ද ඒ මහතා කීවේය.

අද දිනයේ සෑම තැපැල් කාර්යාලයකම මෙම සේවාව හදුන්වා දෙන බවත් දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයකින් මෙම සේවාව ලබා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් හිමාලි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...