*
Monday, March 10, 2025
spot_img

Latest Posts

අඩුමිල මත්පැන් බෝතලයක් හඳුන්වා දීමෙන් කෝටි 5000ක බදු ආදායමකට සැලසුම්

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඒ හරහා රුපියල් බිලියන 50ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර එම යෝජනාව ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

“මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පුසගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් න්‍යාමනය කරන කොට අපේ ආදායම වැඩිවෙන්න පටන් ගත්තා ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානූකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්”

“ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා… දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා”

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී මේ පිළිබඳ වැඩිදුර කරුණු දක්වමින් සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රවන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බවත් මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර එමගින් රුපියල් බිලියන 50ත් 100ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බවත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan