ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු පිළියන්දලදී අත්අඩංගුවට!

0
640

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):

පිළියන්දල පොලීසිය විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ, පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමකි.

අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ. 

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන 12දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.