දකුණු කොරියානු ජනාධිපතිවරයා සිරෙන් නිදහස් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය දෙසැම්බර් මස 03වන දින රට තුළ යුධ නිතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහයෙන් අනතුරුව දෝෂාභියෝගයකට ලක්ව අත්අඩංගුවේ පසු වූ කොන්සර්වේටිව් ජනාධිපති යූන් සුක් යෙයොල් සිරෙන් නිදහස්කර ඇති බව වාර්තා වේ.

සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම අවලංගු කර, ඔහුට කැරැල්ල සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටීමට ඉඩ සැලසීමෙන් දිනකට පසුව මෙම තීරණයට එලඹ තිබේ.

යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ, සෝල් හි ප්‍රධාන දිස්ත්‍රික්කවල යූන් ආධාරකරුවන් 55,000 ක් පමණ පෙළපාළි ගිය බවත්, යුන් අධිකරණයෙන් පිටතට පැමිණ සිය පාක්ෂිකයන්ට ආචාර කළ බවත්ය.

කෙසේ නමුත් මේ වන විට රට තුළ 60% ක් ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බව පවසන අතර 35% ක් ඉවත් කිරීමට විරුද්ධ බව සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය යූන්ව නිල වශයෙන් සේවයෙන් පහ කරනවාද නැතහොත් නැවත සේවයේ පිහිටුවනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර අධිකරණය ඔහුගේ දෝෂාභියෝගය තහවුරු කළහොත්, මාස දෙකක් ඇතුළත නව අනුප්‍රප්තිකයකු වෙනුවෙන් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතුය.

යුන් යුධ නිතිය පනවා කැරැල්ලක් ක්‍රියාත්මක කළ වරදට ඔහු වරදකරු වුවහොත්, ඔහුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වනු ඇත. දකුණු කොරියානු ජනාධිපතිවරයාට අපරාධ නඩු පැවරීම් වලින් ජනාධිපති මුක්තිය ඇති නමුත්, එය කැරැල්ල සහ රාජද්‍රෝහීත්වය වැනි බරපතල චෝදනා ආවරණය නොකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...