*
Monday, March 10, 2025
spot_img

Latest Posts

එකක් වෙනුවට – එක මිටට රන් බලාපොරොත්තු දෙකක් හෙල්ලට

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 10, (LNW)කොළඹ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ සුවිශේෂී ඉසව්වක් ලෙස හෙල්ල වීසි කිරීම ලෝකය හඳුනාගන්නේ 2016 දී පමණය.එම හඳුනා ගැනීමට හේතු ඇති කරන ජයග්‍රහණ සහිත ඉතිහාසයක්ද අපට තිබිණ.එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරිමේ ඉසව්වේ ප්‍රගතිය උදෙසා වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ සභාපතිත්වය දරන සමයේ,වත්මන් මලල ක්‍රීඩා ලේකම් සමන් කුමාර ගුණවර්ධන හා එක්ව තනන ලද ව්‍යාපෘතියකට පහසුකම් සපයා දෙන්නට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයද එකඟ වී තිබිණ.එහෙත් සුගත්ගේ නික්ම යාමෙන් ඉනික්බිති මේ කාරණය මල්පල නොගැන්විණි.

එහෙත් වර්ථමානය ගත් විට නදීකා ලක්මාලි මෙන්ම,නදීශා ලේකම්ගේ ද ආසියානු මට්ටමෙන් පදක්කම් දිනන්නත්,ඔලිමිපික් නියෝජනයටත් හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් සුදුසුකම් ලබා ඇත.සුමේධ ද ඔලිම්පික් නියෝජනය දක්වා ගියේය. එසේම දැන් අපට මීටර් 85 ඉක්මවා යන හෙල්ල වීසි කිරීමේ සූරයන් දෙදෙනෙක්ම සිටින්නේය.දශම පහකින් ඔලිම්පික් නියෝජනය මග හැරුණු,මීටර් 85.45 ක දුරක් වීසි කර ජාතික වාර්තාවක් තබන්නට සමත් වූ රුමේෂ් තරංග තවමත් 21 හැවිරිදිය.ඊට පෙර වාර්තාව තබා තිබූ සුමේධ රණසිංහ 34 හැවිරිදි වුව ද,තවමත් වීසිකිරීමේ කලාවේ නූතණ යෞවනත්වයේ පිළිඹිඹුවක්ය.ඔහු රුමේෂ්ගෙන් ඒ වාර්තාව උඳුරා ගනිමින් ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය සඳහා අවශ්‍යය කරන පරිසාධනයද සුපරාලමින් මීටර් 85.78 ක් දුර හෙල්ල වීසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවාලීය.

සුමේධගේ ඉතිහාසය දිගු,දක්ෂතාවලින් සපිරි එකකි.ඔහු 2016 පෙබරවාරි 10 වන දා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාවේ ගුවහතිවලදී තරග වදින මොහොතේ ඔහු සිටියේ සිය 25 වන ජන්ම දිනය සමරමින්ය.ශ්‍රී ලංකාව ගණන් බලා තිබූ රන් පදක්කමක් ලෙස එදා තරග වැදුණු සුමේධ ඒ වන විටත් ඔලිම්පික් පරිසාධනය ඉක්මවා යන මට්ටමේ දස්කම් දක්වා තිබිණ.එහෙත් ඒ මොහොතේ 19 හැවිරිදි වියේ පසු වූ,ඉන්දියාව වෙනුවෙන් පළමු මලල ක්‍රීඩා රන් පදක්කම දිනා දුන් නීරාජ් චොපරා මතුව,මීටර් 80 ඉක්මවා දස්කම් දැක් වුව ද,සුමේධගේ කර මත රන් පැළධීම වළක්වා එහි රන් පදක්කම දිනා ගත්තේය.

එතැන් සිට රටේ වටිනාම වස්තුව චොප්රා බවට පත් කර ගනිමින්,විශේෂ පුහුණු අවස්ථා සළසා දෙමින්,පහසුකම් සම්පාදනය කරමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනා ගන්නා තෙක් චොප්රාව බලා ගන්නට ඉන්දියාවට හැකි විය.සුමේධ රන් පදක්කම අහිමි වීමෙන් ඉනික්බිති,රටට ඔහුගේ තිබුණ රන් වටිනාකම ගිලිහිණ.රන්මය නඩත්තුව මඟ හැරිණ.ඒ සුමේධට තිබුණේ ඉනික්බිති ස්වයං විශ්වාසය සහ දිරිය ප්‍රමුඛ කොට නැඟීමේ මාර්ගය පමණක්මය.ඔහු ඒ තුළ වර්ථමානය වන විට පුහුණුකරුව සිටින ප්‍රදීප් නිශාන්ත සමඟ නැඟෙමින් යළිත් රුමේෂ් තරංගගෙන් වාර්තාව හිමි කර ගෙන ඇත.

ඊ ළඟ පියවරේ දී බොහෝ විට 21 හැවිරිදි තරුණ රුමේෂ් තරංග ලාංකේය හෙල්ල වීසි කිරීමේදී ප්‍රකට කරන සූරත්වය අමතකව බලධාරීන් සුමේධ වටා රොඳ බදින්නට ඉඩ ඇත.එහෙත් කවුරුන් හෝ ඉදිරියෙන් සිටින කෙනා වඩම්මාගෙන ඒ පිටුපස නිලමෙවරු සේ හැසිරෙන බලධාරීත්වයට ඉතිහාසයේ සිටම සිහිපත් කර දී ඇති පරිදි මේ පුද්ගලයෙකු රැකීමට නොව ලංකාවේ හෙල්ල වීසි කිරීම ජාත්‍යන්තරයට අභියෝගයක් ලෙස සංවර්ධනය කරන්නට ලැබුණු අපූරු යතුරකි.ඒ නිසා ක්‍රීඩකයා කවුද,කුමන හමුදාවක නියෝජනයක් ද යන පැරණි මිණුම්වලට හසු වූ සුවිශේෂී කර ගත් අවශේෂ කාරණාවලින් බැහැරව,හෙල්ල වීසි කිරීමේ ස්වරණමය අනාගතය උදෙසා සුමේධ මෙන්ම රුමේෂ් ද,ජාත්‍යන්තර මට්ටමට යොමු කරන්නට, වැඩි අවස්ථා දෙන්නට මාර්ගයක් සකස් කිරීම අතිශයින් වැදගත්ය.

සුමේධ නව ශ්‍රී ලංකා වාර්තාව තැබූ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික තේරීම්වලට මෙන්ම අවුරුදු 18 න් පහළ ආසියාතික සහ දකුණු ආසියාතික තේරිම්වලට පදනම් වූ දෙවන තේරීම් තරගාවලියේ දී අලුත් වූ නව වයස් කාණ්ඩ ජාතික වාර්තාවන් ද ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට අතිශයින් වැදගත්ය.ඒ අතරින් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය නියෝජනය කරන ලහිරු අචින්ත විනාඩි 8:46.01 ක කාලයකින් මීටර් 3000 ඉසව්ව නිමා කරමින් තැබූ නව අවුරුදු 18 න් පහළ ජාතික වාර්තාවද සුවිශේෂි එකක් විය.

එසේම කොළඹ ආනන්දය නියෝජනය කළ ලෙසඳු අර්ථවිඳු අවුරුදු 20 න් පහළ උස පැනීමේ ඉසව්ව මීටර් 2.22 ක දක්ෂතාවයකින් ජය ගැනීමද අනාගතයට අදාළව අලුත් සිතීමකට දොරටු විවර කරන එම වයස් කාණ්ඩයට අයත් නව ජාතික වාර්තාවකි.වෙන්නප්පුව ශාන්ත ජෝෂ්ප වාස් විද්‍යාලයේ සදෙව් රාජකරුණා වයස 20 න් පහළ ජාතික වාර්තාව දෙවරක්ම අලුත් කරන්නට සමත්වීම ද කැපී පෙණින.විවෘත අංශයෙන් තරග වැදි සදෙව් මූලික තරගය ජය ගනිමින් තත්පර 21.14 ක දක්ෂතාවය් ප්‍රදර්ශනය කළ අතර අවසාන තරගයේදී කාලිංග කුමාරට දෙවැනි වෙමින් තත්පර 21.08 ක දක්ෂතාවයක් දක්වමින් මීටර් 200 ඉසව්වේ දී වාර්තා කළ කාලය මූලික තරගවල තැබූ ජාතික වාර්තාව යළි අලුත් කළේය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan