ඊශ්‍රායලය ගාසා තීරයේ විදුලිය විසන්ධි කිරීමට යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සටන් විරාම සාකච්ඡා වඩ වඩාත් අවුල් සහගත කරමින් ඊශ්‍රායලය ගාසා තිරයට විදුලිය විසන්ධි කිරීමට සැළසුම් කර ඇතිබව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානුෂිය සංවිධාන සඳහන් කර තිබුණේ, මෙම පියවර දැනටමත් හිඟ ජල සැපයුමට බාධාවක් විය හැකි බවත්, අවුල්සහගත සටන් විරාම මත හමාස් මත පීඩනය වැඩි කිරීමේ පැහැදිලි උත්සාහයක් ලෙසයි.

විනාශ වූ පලස්තීන භූමියේ පදිංචිකරුවන් මිලියන 2.3ක් පමණ පිරිසක් මේ වන විට ඇති අතර මේ සම්බන්ධයෙන් වීඩියෝ සබැඳියක් හරහා ඊශ්‍රායලයේ බලශක්ති අමාත්‍ය එලි කොහෙන් සඳහන් කර තිබුණේ, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සහතික කිරීම සඳහා ලබා ගත හැකි සියලු ක්‍රම භාවිතා කරන බවත්, යුද්ධයෙන් පසු හමාස් ගාසා තීරයේ නොසිටිනු ඇති බවත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු වන ඉසාත් අල්-රිෂ්ක් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ආහාර, ඖෂධ සහ ජලය අහිමි කිරීමෙන් පසු ගාසා තීරයට විදුලිය විසන්ධි කිරීමට වාඩිලා ගැනීම ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...