පසුගිය මාර්තුවේදී ලංකාවේ තේ නිෂ්පාදනය 24%කින් පහළ​ට

0
256

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පසුගිය මාර්තු මාසයේදී සියයට 24කින් අඩු වී ඇති බව වාර්තා වේ.

උඩරට, පහතරට සහ මධ්‍ය කඳුකරයෙන් ලැබෙන වර්ග තුනටම අයත් තේ ප්‍රභේදයන්ගේ මෙම අඩුව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ තේ නිෂ්පාදනය පහත වැටීමෙන් පමණක් ඇස්තමේන්තුගත පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 425 කි. මෙසේ තේ නිෂ්පාදනය පහත වැටීමට බ්ලපා ඇති මූලික හේතුව වන්නේ නිසි කලට අවශය පොහොර සම්පාදනය නොවීමයි. පොහොර මිල රුපියල් 1,500 සිට රුපියල් 16,000 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ පළමු කාර්තුවේ ද තේ නිෂ්පාදනය සියයට 15කින් අඩු වී තිබූ අත​ර 2009 වසරෙන් පසු වාර්තා වූ අඩුම නිෂ්පාදන ප්‍රතිශතය ලෙසයි මෙය සැලකෙන්නේ.

ඇඟලුම් කර්මාන්තය​ට පසු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනය භාණ්ඩය වන්නේ තේ නිෂ්පාදනයි. ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ තේ අදායමත් වැඩි වේ. නමුත් වතුකරයට තේ නිෂ්පාදනය කෙරෙහි පෙර පරිදි අවධානය යොමු කළ නොහැකි වී ඇත්තේ ඉන්ධන මිල ඉහළයාමත් ඊට සමානුපාතිකව අදාල අමුද්රව්‍ය වල මිල ඉහළ යාමත් නිසාය. විදුලි කප්පාදුව සහ ඩීසල් හිඟය, ඇසුරුම් කිරීමට අවශ්‍ය කඩදාසි හිඟය, තේ නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමට බලපා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here