අවස්ථානුකූලව රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ සංශෝධනයට!

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛයන් අවස්ථානුකූලව සංශෝධනය කරන බව රජය පවසයි.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...