කැනඩාව ඩොලර් බිලියන 30 කට ආසන්න ඇමරිකානු ආනයන සඳහා හෙට සිට 25%ක තීරුබදු පනවයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාව විසින් ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25%ක තිරුබදු පැනවීමට සුදානම් බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ආනයන සඳහා 25%ක බදු පැනවීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කැනඩාවේ මුදල් අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් පවසන්නේ තම රට හෙට(13) එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 30 කට ආසන්න ආනයන සඳහා බදු පැනවීම ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම අවිනිශ්චිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපදයේ ආර්ථිකය අවපාතයකට යනු ඇති බවට ආර්ථික විද්වතුන් අදහස් පළකර ඇති අතර පසුගිය සතියේ ඇට්ලන්ටා ෆෙඩරල් සංචිතය යෝජනා කළේ එක්සත් ජනපද ආර්ථිකය පළමු කාර්තුවේදී හැකිලීමට ආසන්න බවත්, දුර්වලතාවය දිගටම පැවතුනහොත් ලෝකයේ විශාලතම ආර්ථිකයට අවපාතයක් ඇති විය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...