කැනඩාව ඩොලර් බිලියන 30 කට ආසන්න ඇමරිකානු ආනයන සඳහා හෙට සිට 25%ක තීරුබදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාව විසින් ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25%ක තිරුබදු පැනවීමට සුදානම් බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ආනයන සඳහා 25%ක බදු පැනවීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කැනඩාවේ මුදල් අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් පවසන්නේ තම රට හෙට(13) එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 30 කට ආසන්න ආනයන සඳහා බදු පැනවීම ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම අවිනිශ්චිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපදයේ ආර්ථිකය අවපාතයකට යනු ඇති බවට ආර්ථික විද්වතුන් අදහස් පළකර ඇති අතර පසුගිය සතියේ ඇට්ලන්ටා ෆෙඩරල් සංචිතය යෝජනා කළේ එක්සත් ජනපද ආර්ථිකය පළමු කාර්තුවේදී හැකිලීමට ආසන්න බවත්, දුර්වලතාවය දිගටම පැවතුනහොත් ලෝකයේ විශාලතම ආර්ථිකයට අවපාතයක් ඇති විය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...