අශෝක රන්වල පාසල් උත්සවයක : දේශපාලනඥයින්ට පාසල් තහනමක් මම දැම්මේ නෑ – අගමැතිනිය දැන් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලනඥයින්ට පාසල්වල උත්සව සඳහා සහභාගී නොවන ලෙස තමන් තහනමක් පැනවූයේ නොමැති බවත් තමන් කළ ප්‍රකාශයක් මාධ්‍ය වරදවා පළකර ඇති බවත් අධ්‍යාපන ඇමතිනී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඩී. වී. චානක – “ගරු අග්‍රාමාත්‍යතුමියගේ වාර්තාවක් තියෙනවා, ‘පාසල්වලට දේශපාලනඥයින් ගෙන්වීම තහනම්’ කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි අපි දැක්කා ඔබතුමන්ලාගෙම හිටපු කථානායකතුමා අශෝක රන්වල මහත්තයා අද හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. මං අගන්නෙ තවම නීතිය තියෙනවාද අග්‍රාමාත්‍යතුමිය, එහෙම නැත්නම් විපක්ෂයට විතරක් දාපු නීතියක්ද මේ තියෙන්නෙ ?”

අගමැති හරිනි – “ගරු මන්ත්‍රීතුමා, නීතියක් කොහෙවත් මම පනවලා නෑ. මම කිව්වෙ පාසැල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක. ඒ මාධ්‍ය වාර්තාව වැරදියි”

කථානායක ජගත් වික්‍රමරත්න – කථානායකතුමා ඒ වගේ දේකට සහභාගී වෙනවා නම් සහභාගී වෙන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදියට, දේශපාලන පක්ෂයක කෙනෙක් විදියට නෙවෙයි”

ඩී. වී. චානක – “නෑ, ඔබතුමා ගැන නෙවෙයි. හිටපු කථානායක ගැන කියන්නෙ”

කථානායක ජගත් වික්‍රමරත්න – “හිටපු කථානායක වුණත් කථානායකතුමා”

ඩී. වී. චානක – “නෑ, දැන් මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නෙ හිටපු කථානායකතුමා දැන් මන්ත්‍රීවරයෙක්. එතුමා කථානායකවරයෙක් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය, ඔබතුමිය කිව්ව දේ අපි නම් ඇහුවා. අපි මේ මාස පහේදිම කිසිම උත්සවයකට ගියේ නෑ. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමියනි ඔබතුමන්ලාගේ පක්ෂයෙන්ම ආදර්ශය පටන් ගත්තොත් හොඳයි”

මෙම සංවාදය ඇතිවූයේ ඊයේ (මාර්තු 12) පාර්ලිමේන්තුවේදී ය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ කාර්යාලය විසින් 2024. 09. 26 වනදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...