ගුවන් ටිකට් පත් වංචාවක් සම්බන්ධයෙන් ඇල්ලූ ව්‍යාපාරික කාන්තාවක් රිමාන්ඩ්

Date:

යුරෝපා රටවලට යාම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් අඩු මිලට ලබාදෙන බව පවසමින් කොළඹ ව්‍යාපාරිකයින් රැසකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගුවන් ටිකට් පත් අලෙවි ආයතනයක හිමිකාරිනියක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු එම කාන්තාව ඊයේ (12) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ගුවන් ටිකට් පත් ලබාදෙන බව පවසා කොළඹ 07 ධර්මපාල මාවතේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 13ක් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව සැකකාරියව පෙරේදා (11) දිනයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ ඇය පදිංචිව සිටි කොට්ටාව ප්‍රදේශයේ නිවසින් බඩු භාණ්ඩ ද අස් කරගෙන වෙනත් ප්‍රදේශයකට පළා යාමට සූදානම් වෙමින් සිටියදී ය.

මෙම සැකකාරිය අඩු මිලට ගුවන් ටිකට් පත් රැගෙන දෙන බව පවසා ව්‍යාපාරිකයින් රැසක් රවටා විශාල මුදලක් වංචා කර ඇති බව අධිකරණය හමුවේ පැවසූ විමර්ශන නිලධාරීහු එසේ වංචාවට හසුවූ ඇතැම් ව්‍යාපාරිකයින් ලැජ්ජාව නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වන බවත් සඳහන් කළහ.

එසේම මෙම සැකකාරියට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ද මේ හා සමානම නඩුවක් පවතින බවත් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

එම කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර කාන්තාව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඇයව ලබන 18 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ටත් නියම කළේය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සංජීව ඇන්තනි පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ ඇන්ටන් සේනානායක පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...