මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාටත් පාර්ලිමේන්තුවේ තනතුරක්!

Date:

කොළඹ LNW:ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරීපත් වී තිබේ.

ඒ සඳහා වූ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කර ඇති අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කර ඇත.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීයි උක්ත පත්කිරීම සිදුකර ඇත්තේ.

තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...