Versace සන්නාමය ලෝකෙට ගෙන යමින් විලාසිතාවන්ට පණ දුන් Donatella සිය භූමිකාවෙන් සමුගනී!

Date:

සටහන – පුලී
මාර්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Donatella Versace වසර 28කට පසු Versace විලාසිතා මන්දිරයේ නිර්මාණ අධ්‍යක්ෂිකා භූමිකාවෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය 1997 වසරේ සිට එම තනතුර හොබවා ඇති අතර ඇයගේ සොහොයුරා වන Gianni ගේ ඝාතනයෙන් පසුව ඇය එහි වැඩ භාර ගත්තාය.

Versace ඉතාලි සන්නාමය ලෝකෙට ගෙන යමින විලාසිතා නිර්මාණ සිය ගණනක් අධීක්ෂණය කර ඇති අතර එහි නම රැඟත් හෝටල් සහ මෝටර් රථ ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

69 හැවිරිදි Donatella වෙනුවට Miu Miu හි හිටපු නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන Dario Vitale විසින් Versace නව සන්නාම තානාපති භූමිකාව භාර ගනු ඇත.

Versace ලෝකප්‍රකට විලාසිතා සන්නාමයෙහි නිර්මාණශීලී සුක්කානම ලෙසින් ෆැෂන් ලෝකය පුරා Versace නාමය රැගෙන ගිය ඇය LGBTQ+ ප්‍රජාවන් පවා සවිබල ගැන්වීම සඳහා ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

Versace විලාසිතා නිවහන අද්විතීය උරුමයකින් යුක්ත නිර්මාණයශීලී නිම් මැඳුරක් වූ අතර එයට ආවේණික වූ අත්සන සහිත බැරොක් මුද්‍රණ, විචිත්‍රවත් වර්ණ මාලාවක් සහ සිත් ඇදගන්නා හැඟීමක් සහිත සෞන්දර්යය ඇත.

Donatella Versace ගේ නිර්මාණශීලී අධ්‍යක්ෂණය යටතේ, මෙම සන්නාමය විසින් Madonna, Beyonce සහ Jennifer Lopez යන සුපිරි තරු පිරිවරාගෙන මෙහි නාමය ඉහළ පෙළේ ව්‍යාපාර නිෂ්පාදනයක් බවට පත් කිරීමට ද ඇය කැපවී සිටියාය.

Versace ගේ සංස්කෘතික බලපෑම කෙතරම් විශාලද යත් ලේඩි ගාගා ඇගේ නමින් ගීතයක් (Donatella) ද නම් කළ අතර එපමණක් නොව “The Assassination of Gianni Versace” හි ඇය “Penélope Cruz”ලෙස සිය රංඟනයෙන් දායක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...