නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග ඇරඹෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 13, (LNW)කොළඹ

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන පළමු විස්සයි විස්ස තරගය මාර්තු 14 දා ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පැවති එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගෙන සිටින නවසීලන්ත කණ්ඩායම මේ තරගයේදී එම විශ්වාසය මෙන්ම වත්මන් කාන්තා විස්සයි විස්ස ලෝක සූරියන් ලෙස ද දැඩි විශ්වාසයකින් තරග බිමට පිවිසෙන බව විශ්වාස කළ හැකියි.
එහෙත් නිවැරදි රිද්මයට පැමිණ,නිවැරදි දේ නිසි වේලාවට සිඳු කළ හැකිනම් ලොව කිසිඳු කණ්ඩායමකට ශ්‍රී ලංකාව අභිබවා යාමට නොහැකියි.මේ තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් කැඳවා තිබෙන ක්‍රීඩිකාවන්ට යම් අවස්ථාවක් දීමට කණ්ඩායම තුළ ඉඩ තිබෙනවා.එම ඉඩ ලබා දීම වගේම ඔවුන් පිළිබඳ විශ්වාසයක් ඇති බව තහවුරු කිරීමත් ක්‍රිඩා පිටිය තුළ දී චමරි අතපත්තු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන් කල්පනාවට ගත යුතුයි.


ඉකුත් ආසන්න ඉතිහාසය තුළ අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හමුවන ආකාරයේ තණතීරුවල දක්ෂතා දැක් වූ රශ්මිකා සෙව්වන්දිට බොහෝ විට මේ විස්සයි විස්ස තරග ඇතුළත තමන්ගේ දක්ෂතා එළි දැක්වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය හැකියි.එය ඉතාමත් කල්පනාවෙන් ප්‍රෙයා්ජනයට ගැනීම වැදගත් වන අතර මනුදි නානායක්කාර වුව ද මේ තරගාවලියේදී යළි අවස්ථාවක් හිමි වුවහොත් එය ඉතා වගකීමෙන් භාවිතයට ගැනීම වැදගත් වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...