වසා දමා ඇති මෙන්ඩිස් සමාගමේ වැඩ අරඹමින් හිඟ බදු අයකර ගැනීමට යැවූ යෝජනාව මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරලා !

Date:

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම පැහැර හැර ඇති රුපියල් බිලියන 5.8ක බදු ක්‍රමිකව නැවත අය කරගනිමින් එම සමාගමේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවසර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසර තුළ වරින් වර සිදුකරන ලද අනතුරු හැඟවීම් කිහිපයකින් පසු මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 04 වනදා කටයුතු කළේය. ඒ වනවිට එම සමාගමෙන් රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 5.8ක් දක්වා ඉහළ නැඟ තිබිණි.

එසේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමෙන් පසු මෙන්ඩිස් සමාගමේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය නතර වූ අතර රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් ද නොවීය. මෙම සමාගම ආශ්‍රිතව රැකියා කළ 1300 දෙනෙකු පමණ පිරිසකගේ ජීවනෝපාය ද මෙම තත්වය තුළ අහිමි වී තිබිණි.

ඒ අනුව නව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරමින් හිඟ බදු මුදල් නැවත රජයට අයකර ගැනීම සඳහා යෝජනාවක් සකස් කර මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණු බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී රුපියල් බිලියන 5.8ක හිඟ බදු මුදලින් අඩක් මුලින් ගෙවා මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමටත් එහි බලපත්‍රය මාසයෙන් මාසයට අලුත් කිරීමටත් සෑම මාසයකදීම ඒ මාසයට අදාළ බදු මුදල සහ හිඟ මුදල්වලින් වාරිකයක් ගෙවමින් ඉදිරි මාසය සඳහා බලපත්‍රය ලබාගැනීමටත් වශයෙන් යෝජනා කර තිබුණු බව සඳහන්.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති ඒකකය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම බදු මුදල අයකර ගැනීම සඳහා මෙන්ඩිස් සමාගමට එරෙහිව නඩු පැවරීම හැර වෙනත් විකල්පයක් සුරාබදු දෙපාර්තමේන්තුවට නොමැති වන තත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වා මාස තුනකට වැඩි කාලයක් දැනටමත් ගත වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...