ජලය කළවම් කර මත්පැන් විකුණූ රට බීමහලක් මුද්‍රා තැබේ!

0
752

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

සුරාබදු කොමසාරිස්වරයාට ලද තොරතුරක් අනුව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් හැටන්, ආගරපතන ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද රට බීම සිල්ලරට විකිණීමේ බලපත්‍ර ස්ථානයක වැටලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

එහිදී මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ මිලි ලීටර් 750 බෝතල් 51ක්, මිලි ලීටර් 375 බෝතල් 48ක් සහ මිලි ලීටර් 180 බෝතල් 07ක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව පැවසේ.

එහි විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ ස්ථානයේ බලපත්‍ර අත්හිටුවා මුද්‍රා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .