චීනය මීළඟ කෝවිඩ් රැල්ලට සැරසෙයි – බෙයිජිං ගුවන් තොටුපොළේ රහසිගත කෝවිඩ් වාට්ටු!

Date:

චීනය තුළින් නැවත වරක් නව කොරෝනා රැල්ලක් මතු වෙමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.ස්කයි නිවුස් පුවත් සේවයට අනුව බෙයිජිං නුවර මේ වන විට ඇඳන් 1000 කින් යුක්ත රෝහලක් නවීකරණය වෙමින් පවතියි. මෙම රෝහල 2003 වසරේ සාර්ස් වසංගතය පැතිර යන සමයේ ඉදි කළ රෝහලකි. හදිසි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගත හැකි පරිදි මෙම රෝහල නවීකරණය කෙරේ.

රහසිගත රෝහල්

මේ අතර, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ බෙයිජිං ගුවන්තොටුපොළ මධ්‍යයේ ද ඇඳන් දහස් ගණනකින් යුක්ත තාවකාලික රෝහල් පද්ධති ඉදි කෙරෙමින් පවතින බවයි. නමුත් චීන රාජ්‍ය මාධ්‍ය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

ගතවූ සති 2 ක කාලය තුළ බෙයිජිං අගනුවරින් නව කෝවිඩ් රෝගීන් 450 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ (සඳුදා) එම ප්‍රමාණය 62 ක් විය. එයින් 11 දෙනෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා තිබීම ද වැදගත් ය.

සියලු පාසල් වසා දැමේ

පසුගිය සිකුරාදා දිනයේ බෙයිජිං හි අධ්‍යාපන බියුරෝව නියම කළේ සියලු පාසල් වසා දමන ලෙස ය.

මැයි දිනය තුළ සියලු ආපනශාලා වසා දමන ලෙස ද නියම කර තිබිණි. ‘තහනම් නගරය’ සහ බෙයිජිං සත්වෝද්‍යානය වැනි සංචාරක ආකර්ෂණයන් ද බදාදා දිනය වන තෙක් වසා දැමීමට නියම කර තිබේ.

මිලියන 21 ක ජනතාවක් වහාම පරීක්ෂාවට

බෙයිජිං නුවර ජීවත් වන මිලියන 21 ක ජනතාවක් පසුගිය සතියේ සිට මහා පරිමාණ කෝවිඩ් පරීක්ෂාවන්ට නැවත ලක් කෙරෙමින් ඇත.

චීනය පවසන්නේ තමන් සීරෝ කෝවිඩ් හෙවත් කෝවිඩ් ශුන්‍යයක් වන තෙක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. නමුත් සත්‍ය තොරතුරු වසං කිරීමේ රුසියන් වන චීනය, මෙවරත් රට තුළ පවතින බරපතළ තත්වයක් ලෝකයෙන් වසං කරමින් තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.

පෙර ලිපිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...