එක්සත් ජනපදය පුරා සරම්ප රෝගය පැතිරීමේ අවධානමක්!

Date:

සටහන – පුලී
මාර්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 බටහිර ටෙක්සාස් සහ නව මෙක්සිකෝවේ වසංගත පැතිරීමත් සමඟ එක්සත් ජනපදය පුරා සරම්ප රෝගය අඛණ්ඩව පැතිර යමින් පවතී.

ඉකුත් බ්‍රහස්පතින්දා වන විට ප්‍රාන්ත දෙක අතර රෝගීන් 256 ක් තහවුරු වී ඇති අතර, බොහෝ දුරට පෙර එන්නත්කරණය නොකළ හෝ එන්නත්කරණය පිළිබඳ නොදැනුවත් අයගෙන් බව රාජ්‍ය සෞඛ්‍ය නිලධාරීහු පවසති.

ටෙක්සාස් හි මේ හේතුවෙන් එක් එන්නත් නොකළ පාසල් වියේ දරුවෙකු මියගොස් ඇති අතර මෙක්සිකෝවේ එන්නත් නොකළ වැඩිහිටියෙකුගේ තවත් සැක සහිත මරණයක් විමර්ශනය කෙරේ.

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, අවම වශයෙන් තවත් ප්‍රාන්ත 10 ක් තුළ ද රෝගීන් තහවුරු කර ඇත.

සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රෝගීන් රැකබලා ගැනීම සඳහා කටයුතු කරන අතරම, රෝගය වළක්වා ගන්නේ කෙසේද සහ ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැරදි තොරතුරු පැතිරීමට එරෙහිව සටන් කිරීමට ද ඔවුන් උත්සාහ කරන බවට ද ප්‍රචාරයන් පැතිර යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : අල්ලස් කොමිසම විසින්...

පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...