e wis ජාත්‍යන්තර වෙළඳපොල ජය ගනී!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සටහන් කරමින් e wis ජාත්‍යන්තර වෙළඳපොල ජය ගෙන ඇත.

ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බව සඳහා ඔවුන් සතු iso 9001:2015, iso 14001:2015,CE,FCC, RoHS සහ IEC 62368-1 සහතික මගින් සනාථ කර ඇත .

මෙම ප්‍රමිතීන් තුළින් e wis හි අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව, සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීමද සහතික කර ඇත .මේ හේතුන් නිසාම e wis ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඉතා තරගකාරීත්වයක් දීමට සාර්ථක වී ඇත.

 සිම්බාබ්වේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය e wis ජාත්‍යන්තර සළකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නෙ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාවන් ශක්තිමත් කරමිනි.

e wis colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා මෙම අවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස පැවසීය.

මෙම සුවිශේෂී සංධිස්ථානය e wis අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා වෙනවා.  

අපේම දක්ෂතාව හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින් අපනයනය සඳහා උසස් ගුණාත්මක භාවයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙම අවස්ථාව සාක්ෂි දරනවා .දේශීය වෙළඳපොලින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකිවීම පිළිබඳව අපි මහත් ආඩම්බරයට පත් වෙනවා.” ලෙස අභිමානයෙන් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...