මහපොළවේ අපිට අභියෝග කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් නම් දැන් නෑ – මහින්ද ජයසිංහ

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය මාලිමාවට ඉතාම ඉහළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින අතර විපක්ෂයේ කණ්ඩායම් දැන් පාර්ලිමේන්තු පුහු ඝෝෂා වලට සහ පිටත් මාධ්‍ය සාකච්ජාවලට සීමා වී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

”අපි නිරන්තරයෙන් බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඉන්න ව්‍යාපාරයක්. මහ පොඅලාවේ නම් ඔය කියන මොකක්වත් පේන්න නැහැ,. ඒ නිසා අපි දකිනවා සාකච්ජා කරමින් ඉන්නවා එකතු වෙන්න හදනවා. නමුත් ඒවත් නිෂ්ඵල සාකච්ජා බවට පත්වෙලා තිබෙනවා, අපි දකිනවා සාකච්ජා කරන අයම වෙන් වෙන්ව ආපහු ඇප තැන්පත් කරනවා. ඒ නිසා මහ පොළවේ නම් අපිට අභියෝග කරන්න තරම් දේශපාලන පක්ෂයක් මේ මොහොතේ දකින්න නැහැ. කවුරු එකතු වුණත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. ජාතික ජන බලවේගයත් එක්ක. ඒ නිසා ප්‍රතිගාමී බලවේග මොනතරම් එකතු වුණත් ජාතික ජන බාල්වේගය ආණ්ඩුව එක්ක තමයි ඉන්නේ. ඒක පහුගිය කාලය පුරාම සමූපකාර ජන්ද වලින් ප්‍රකාශයට පත්වුණා. අපේ දිස්ත්‍රික්කයේ සියලුම සමූපකාර ජන්ද මාලිමාව ජයග්‍රහණය කළා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (14) පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...