මහපොළවේ අපිට අභියෝග කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් නම් දැන් නෑ – මහින්ද ජයසිංහ

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය මාලිමාවට ඉතාම ඉහළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින අතර විපක්ෂයේ කණ්ඩායම් දැන් පාර්ලිමේන්තු පුහු ඝෝෂා වලට සහ පිටත් මාධ්‍ය සාකච්ජාවලට සීමා වී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

”අපි නිරන්තරයෙන් බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඉන්න ව්‍යාපාරයක්. මහ පොඅලාවේ නම් ඔය කියන මොකක්වත් පේන්න නැහැ,. ඒ නිසා අපි දකිනවා සාකච්ජා කරමින් ඉන්නවා එකතු වෙන්න හදනවා. නමුත් ඒවත් නිෂ්ඵල සාකච්ජා බවට පත්වෙලා තිබෙනවා, අපි දකිනවා සාකච්ජා කරන අයම වෙන් වෙන්ව ආපහු ඇප තැන්පත් කරනවා. ඒ නිසා මහ පොළවේ නම් අපිට අභියෝග කරන්න තරම් දේශපාලන පක්ෂයක් මේ මොහොතේ දකින්න නැහැ. කවුරු එකතු වුණත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. ජාතික ජන බලවේගයත් එක්ක. ඒ නිසා ප්‍රතිගාමී බලවේග මොනතරම් එකතු වුණත් ජාතික ජන බාල්වේගය ආණ්ඩුව එක්ක තමයි ඉන්නේ. ඒක පහුගිය කාලය පුරාම සමූපකාර ජන්ද වලින් ප්‍රකාශයට පත්වුණා. අපේ දිස්ත්‍රික්කයේ සියලුම සමූපකාර ජන්ද මාලිමාව ජයග්‍රහණය කළා.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (14) පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...