පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි !

0
1174

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා තමන් මෙසේ ඉල්ලා අස්වන බවයි පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා අද (14) සඳහන් කළේ.

සාලි නලීම් මහතා පාර්ලිමේන්තුවට පත්වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙනි.