බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

1998 වසරේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ලබාදී තිබුණු එම වාර්තාව වසර 27කට පසු අද (14) දිනයේදී සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව, එම වාර්තාවේ කරුණු සහ එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මැඩපැවැත්වීම සඳහා එවකට පැවති එජාප ආණ්ඩුව ගෙනගිය දරුණු මර්දනයේදී පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ තොරතුරු මෙරට දේශපාලනයේදී විටින් විට උඩට මතුවෙමින් යළි යටයමින් තිබුණු අතර මෑත කාලයේ මෙය යළිත් සංවාදයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක අල් ජසීරා නාලිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිදුවූ ප්‍රශ්න කිරීම්වලින් පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...