සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, (LNW)කොළඹ
ගෙවුණු අවුරුද්දෙ මාතර – අකුරැස්ස මාරඹ වැව ගැන විශාල අවධානයක් යොමු වුණා.ඒ ලස්සන දිය දහර සහ පරිසරය නිසා නෙමෙයි,ඒ මැද ඉඳි වූ තොරණක් නිසයි.ඒ මාරඹ උපන්, රටම තොරණක් සේ දිලිසෙන දක්ෂතාවයක් දක්විමින් ලෝක සූර නවසීලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු හතක පරාජයක් අත්පත් කර දෙන්නට කැප වුණු සුන්දර කෙල්ලෙක් ගැනයි මේ සටහන.
තරගය නිමා වී විනාඩි ගණනක් ඇතුළත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ඉන්ද්‍රානි ආරියරත්නගෙන් මෙන්ම කණ්ඩායම් කළමණාකරුගේ අවසරය ඇතිව අපට ඒ රටට තොරණක් වූ මාරඹ ක්‍රිකට් හපනිය මල්කි මධාරා සම්බන්ධ කර ගන්නට හැකි විය.

මට කිසිම වෙනසක් දැණුනෙ නැහැ.තවත් එක සාමාන්‍ය තරගයක් විදිහට නිදහසේ සෙල්ලම් කරන්න වාතාවරණය හැදිලා තිබුණෙ.ඒක ඇති කළාට කැප්ටන්ගෙ ඉදලා හැමෝටම ස්තූති කරන්න ඕනි.
මධාරා සිය පළමු අන්තර්ජාතික විස්සයි විස්ස තරගය තරගයේ වීරවරිය වී නිමා කිරීමට හැකි වීම ගැන හේතු පාඨ පවසන්නීය.ප්‍රබල නවසීලන්තය ලකුණු 101 ට සිමා කරමින් ශ්‍රී ලංකාව කඩුලු හතක ජයක් කරා ගෙන යන්නට සුවිශීෂ්ඨ පන්දු යැවීමෙන් දායක වූ මල්කි මදාරාගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දු ඕවර් 3.5 දී ලකුණු 14 ට කඩුලු 3 ක් ලෙසය.
ගත්ත විකට් තුනෙන් ඇය වඩාත් කැමති ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පරමාදර්ශී ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස අවිවාදිත සූසී බේට්ස්ගේ කඩුල්ලටය.ඇය සිය පළමු ජාත්‍යන්තර තරග පන්දු ඕවරයේදීම සිව්වන පන්දුවෙන් දවා ගන්නේ සුසී බේට්ස්ගේ කඩුල්ල වීම තවත් සුවිශේෂය.
ක්‍රිකට් කුමාරවරුන්ගේ ක්‍රීඩාවක් ලෙස එයට යන වියදම ආදිය සළකද්දී හැඳින්වීම සාමාන්‍ය තත්ත්වයකි.ඒ කුමාරමය ස්ථාවරය අයියා කෙනෙක්ට සහ අක්කා කෙනෙක්ට පසුව පවුලට එකතු වී සිටින බඩ පිස්සියට තිබුණේ නැත.

“මුල කාලේ අමාරුවෙන් පිරිමහ ගත්තා.නැෂනල් ස්කොඩ් එකට ආවට පස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පහසුකම් සියල්ල ලැබුණා.“
ඇය සිය ජීවන තත්ත්වය ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සංචිතගත වීමෙන් ඉනික්බිතිව වෙනස් වූ අයුරු කියන්නීය.විසිර වපුරා ඇති ක්‍රිකට්මය වසන්තය අතරේ හැම තැනම පිපෙන මල් මෙන්ම අකුරැස්ස මාරඹෙන් මේ මල පිපී ඇත.මාරඹ විද්‍යාලයෙන් මෙන්ම තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සත හැදෑරූ මල්කි,පළමුව තමන්ට ක්‍රිකට් ක්‍රිඩාව කියා දුන් ගලප්පත්ති ස්ර්ගේ කෙටි කාලීන මතකයේ සිට ඉනික්බිති මාතර දිස්ත්‍රික් පුහුණුකරු වූ ජයතුවීරයන් ගැන ද බිනින්නේ බොහෝ ගෞරවයෙන්ය.
ඒ දක්වා මේ වන විට ගුවන් හමුදාව සමඟ එක් වී සිටින මදාරා ඒ පැමිණි ගමන් මගේ සුළු හෝ උපදේශයක් දුන් ඇත්තෙකු වේ නම් එය අනිවාර්යෙන්ම සිය දක්ෂතාවයන් වර්ධනයට ඉවහල් වූ බව කියන්නීය.
‘රුමේෂ් සර් මං ගැන බලනවා.එයා හොඳ දේ කරන හැටි කියා දෙනවා.‘
කලක් ශ්‍රී ලංකාවේ සිටි සුපිරිතම වේග පන්දු යවන්නෙක් වන සහ ශ්‍රී ලංකාව ජය ගත් පළමු ටෙස්ට් ජය පිටුපස කැපී පෙණුන පන්දු යවන්නා මෙන්ම පන්දු රකින්නා ලෙස ද ගෞරවයට පාත්‍ර රුමේෂ් අද කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කරන මැදිහත්වීම සුළු නැත.නවසීලන්ත ක්‍රීඩිකාවන් අන්ද මන්ද කරන ලද කටර් පන්දුව ඇතුළු වේග පන්දුව සමඟ අත්හදා බැලූ විවිධත්වයන්ට රුමේෂ්ගෙන් හොඳ අනුග්‍රාහයක් සහ දිරියක් ලැබෙන්නට ඇති බව සිතිය හැකිය.
“පළවෙනි මැච් එක මෙහෙම කරාට වඩා ඒකෙන් රට දිනවන්න මට විශාල සහයක් දෙන්න පුළුවන් වුණා.ඒ ගැන මට සතුටුයි“
මල්කි මදාරා පන්දුවෙන් පෑ සුවිශේෂි දස්කම් මෙන්ම දඟ පන්දු යැවීමේ බල ඇණිය ද මේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියම බොහෝ ප්‍රශංසා සහගත දේ කළ බව අපි පිළිගන්නෙමු.එසේම කඩුල්ල පිටුපස සිටි අනුෂ්කා සංජීවනී විසින් කරන ලද ස්ටම්ප් කිරීම් තුනද අමතක කළ නොහැකි ජයග්‍රාහී සාධකය.එවැනි තත්ත්වයකදී ලෝක සූර නවසීලන්තය ලකුණු 101 ට සීමා කර ශ්‍රී ලංකාව පන්දු 35 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක ජයක් ලැබීම විශිෂ්ඨ වුව ද,චමරි අතපත්තු පහර දුන් විශ්වසනීය ස්වභාවයට අනුව කඩුලු 3 ක් දැවී නොයා මේ ජයග්‍රහණය ලබා ගන්නට තිබිණ.ඇය නොදැවී ලකුණු 64 ක් එක් කළාය.
විශ්මිගේ මෙන්ම හර්ෂිතාගේ ද දක්ෂතාවලට අද දවස ගැලපුණේ නැත.එක්දින තරගාවලියේ හොඳම පිතිකාරිණිය වූ හර්ෂිතා ලකුණු 2 ක් පමණක් රැස් කළ අතර ඒ වෙනුවෙන් අනපේක්ෂිත දුර්වල පහර 3 ක් ම පිත්තේ වැදී ගලා ගියේය.කවීශා දිල්හාරි ඉතාමත් හොඳින් පිත්ත හසුරුවමින් සිටියදී දුවද්දී දැවී යාමට හේතු වූයේ දැඩි අපරික්ෂාකාරී බවය.එසේ නොවුණානම් මේ ජයග්‍රහණය තවත් කඩුලු ඉතිරිව තිබියදී මීටත් වඩා පහසුවෙන් ලබා ගන්නට තිබිණ.
සටහන මදාරා ගැන වුව ද,සමස්ත තරගය සහ මදාරාගේ දක්ෂතා අතර ඇත්ත පිළිඹීඹු වන ලකුණු සටහනට පිවිසීමේ දත්ත පහතින් දක්වා ඇත. https://bit.ly/4iGSZjC
