මෙරට රජයේ රෝහල්වල භාවිතය සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියනයක් පමණ වටිනා එන්නත් පරිත්‍යාගක්!

0
329

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ (LNW):

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර, එම හමුවට සමගාමිව ඉන්දියාවෙන් මෙරට රජයේ රෝහල්වල භාවිතය සඳහා රුපියල් මිලියනයක් පමණ වටිනා එන්නත් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබදව ද මෙහිදි සාකච්ඡා වී ඇති අතර, ඉදිරියේ දී දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහන සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සතුට පල කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ, වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇත්තේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදිම බවයි.