යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයේ අගනුවර වන සානා වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 19 දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු තුවාල ලැබූ බව හවුති පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවෙනය කර ඇත.

2023 අගභාගයේදී ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉරානයේ පිටුබලය ලත් හවුති කැරලිකරුවන්, හමාස් සංවිධානයට සහය පළකිරීම වෙනුවෙන් පසුගිය වසයෙන් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙළඳ නෞකා 100කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර විනාශ කරණ ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් අවස්ථා කිහිපයකදී එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍යය මීට පෙර යේමනයේ හවුති පාලනය යටතේ පැවති ප්‍රදේශවලට පහර දී ඇති අතර හිටපු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රහාර මාලාවක දියත් කරන ලදී.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ මුල්ම ප්‍රහාරය මෙය වන අතර ඇමරිකානු වාණිජ හා නාවික යාත්‍රා ලෝකයේ ජල මාර්ගවල නිදහසේ යාත්‍රා කිරීම කිසිදු ත්‍රස්තවාදී බලවේගයකට නතර කළ නොහැකි බව ප්‍රකශ කළ ජනාධිපති ට්‍රම්ප් මෙහිදී ඉරානයටද හවුති වරුන්ට සහය දැක්වීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...