ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමේ නව වැඩසටහනක්!

Date:

කොළඹ LNW:ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීම සඳහා නව වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

”ප්‍රජා ශක්ති” නමින් හැදින්වෙන නව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් පිළිමතලාව ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පුහුණූ කිරීමේ ආයතනයේදී පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විවිධ නම් වලින් සමාජ සුබ සාධක හා සහනාධාර වැඩසටහන් රැසක් ඉකුත් සමයන්හීදී ක්‍රියාත්මක කළ නමුත් ග්‍රාමීය දුගී බව තුරන් කිරීමට මේ දක්වා හැකියාවක් ලැබී නොමැති බව ඒ මහතා කීවේය. වත්මන් රජය ලබා ගෙන ඇති දත්ත අනුව මෙරට ජන ගහණයෙන් 45%ක් සහනාධාරලාභීන් බවත් තවත් ජන පිරිස් ඉදිරිපත් කොට ඇති අභියාචනා අනුව සහනාධාර ලබන පිරිස 50%ක් වනු ඇතැයි ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් සිය පුරවැසියන් සඳහා සහනාධාර ලබා දෙන බව කී අමාත්‍යවරයා, එම රටවල පුරවැසියන් සහනාධාර ලබා ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඇතැයි කීවේය. නමුත් මෙරට ජනතාව සහනාධාර මත පමණක් යැපීමට සිදුකරන යැපුම් මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු කරන බව ද ඔහු කිවේය.

සිය අමාත්‍යංශයේ සම්බන්ධීකරණය මත පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක නව වැඩසටහන තුළින් තවත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක් ඒකාබද්ධ කර ගන්නා බව ද පන්නිලගේ මහතා සඳහන් කළේය. ඒ සඳහා කෘෂිකර්ම, කර්මාන්ත, සමූපකාර, ග්‍රාමිය මාර්ග සංවර්ධන යන අමාත්‍යංශ ගණනායක සහයෝගය ලබා ගන්නා බව ද ඔහු කීවේය.

ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 341ක ග්‍රාම නිලධාරී වසම් 14022ක් ආවණය වන පරිදි මෙම ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසුවේය. එම සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජනතා ආර්ථික වැඩසටහන් ශක්තිමත් කළ හැකි නව සැලසුම් සකස් කරන බවත් ඒ සැලසුම් පාදක කොට පළාත් පාලන, පළාත් සභා සැලසුම් සකස් කොට වැය විෂයන් සකස් කොට මුදල් වෙන් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශ ලේකම් මලර්මතී ගංගාධරන් මහත්මිය, එහි අතිරේක ලේකම් එච්.ඩී.නාලිකා පියසේන මහත්මිය, ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවිබල ගැන්වීම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එස්.කේ.ඩබ්ලියු.සිසිර කුමාර මහතා, යටිනුවර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍ය ගුණරත්න මහත්මිය, පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...