ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා මරුට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු කදීජා නොහොත් අබ්දුල්ලා මක්කි මුස්ලි අල් රිෆායි ඇමෙරිකාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් මියගොස් තිබෙන බව ඇමෙරිකාව නිල වශයෙන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

ඉරාකයේ අල් අන්බාර් ප්‍රදේශයට ප්‍රහාරය එල්ල වන විට මොහු මරාගෙන මැරෙන ඇදුම්වලින් සැරසී ආයුධ සන්නද්ධව සිට තිබෙන අතර, ඇමෙරිකා ප්‍රහාරවලින් මිය ගොස් ඇත්තේ රිෆායි බව ඩී එන් ඒ පරීක්ෂණ වලින්ද තහවුරු වී ඇත.

ISIS ත්‍රස්ත කණ්ඩායමේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා වූ අතර ගෝලීය වශයෙන් එම කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

තවද අයි එස් අයි එස් සංවිධානයේ සැපයුම්,  සැලසුම් සහ මූල්‍ය කළමනාකරණය අබු කදිජා විසින් අධීක්ෂණය කර තිබෙන බවයි. 2023 දී  ඇමෙරිකාව විසින් අබු කදීජාට සම්බාධක පැනවූ අතර, ඔහු ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලනය යටතේ පවතින ප්‍රදේශවල ආණ්ඩුකාරයා ලෙස කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මෙම ප්‍රහාරයෙන් තවත් ISIS ක්‍රියාකාරිකයෙකු ද මිය ගොස් තිබෙන බවයි. තවද, රිෆායි ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙකු ලෙස සැලකිය හැකි බව, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...