සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 16, (LNW)කොළඹ
මේ මොහොතේ ලංකාවේ ක්‍රීඩාවේ සිදු විය යුතු විශාලතම වෙනස රගර් ව්‍යවස්ථාව වෙනස් කිරීම බව සිතන ඇමතිවරයෙකි.මේ සඳහා ඔහු තෝරා ගන්නා ජාතික ක්‍රීඩා සභාවට රගර් ක්‍රීඩාවෙන් වැඩි දෙනෙකු යොදා ගන්නේ ද,ඔවුන්ට ක්‍රීඩා පණත යටතේ හැකියාව ඇද්ද සහ සදාචාරාත්මකද යන කිසිවක් නොසළකන්නේ ද,එම සංශෝධනය රටේ ක්‍රීඩාව වෙනස් කිරීමට හැකි හොඳම අවස්ථාවක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සිතන නිසා විය යුතුය.ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙන්නන් ද,ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම ක්‍රීඩාමය සිඳුවීම වන මෙරට නියෝජනය කරමින් විදේශිකයන් ක්‍රීඩා කරවීමෙන් ජාත්‍යන්තර දඩයකට යටත් වූ සිඳුවීම දූෂණ,වංචා ඇතුළු සියලු අකටයුතු පිටුදකින බව කියන රජයක ක්‍රීඩා ඇමතිවරයා තඹයකට ගණන් ගන්නේ නැත.එම අපකීර්තිමත් සිඳුවීමට හේතු වූ තීරණ ගත් පරිපාලනයේ සිටි ප්‍රධාන විධායකයා ජාතික ක්‍රීඩා සභාවේ මුල් පිටුවේ හින්දුවා අපට තුනෙන් දෙකක බලයක් ඇති බව කියමින් සාධාරණ පාලනයකට නොව තමන්ට ලැබුණු බලය තමන්ට රිසි ලෙස හසුරුවන්නට ලැබුණු එකක් හැටියට පෙන්වා දීමට ද ක්‍රියා කරමින් ඇත.
එහෙත් අප රගර් පමණක් නොව පාපන්දු ද මේ යන ක්‍රමයෙන් වෙනස් තැනෙක රැඳවීමේ අවශ්‍යයතාවය ගැන ලියන්නට තීරණය කළෙමු.එහිදී ප්‍රාදේශිය වශයෙන් ශක්තිමත් ව්‍යහුයක් තිබිය යුතුය.මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන සිව්දින විශේෂ තරගාවලිය මෙන් මේ රගර් සහ පාපන්දු ද එ් ආකාරයට පළාත් මට්ටමේ ප්‍රබල තරගාවලියක් බවට පත් කළ යුතුව ඇත.
ඒ සඳහා අවශ්‍යය කරන පළාත් සහයෝගය සහ සංවිධාන ශක්තිය දිය කරමින් අමාත්‍යවරයා උත්සාහ කරන්නේ ලංකාවේ ඒ ක්‍රීඩා සමාජ වෙත ව්‍යවස්ථාවෙන් වැඩි බලයක් පැවරීමටය.එම ක්‍රීඩා සමාජවල සීමාව සහ ඔවුන්ට මේ වන විටත් ඉතිහාසයේ සිට සිය ක්‍රීඩා සමාජවලට ලැබුණු ආර්ථික සහන ද සළකා බලද්දී,එම ක්‍රීඩා සමාජවලින් පත් වූ නිලධාරි මෙරට රගර් ක්‍රීඩාව තමන්ගේ සීමාවෙන් ඔබ්බට රැඟෙන ව්‍යාප්ත කරන්නට කර ඇති දේ මොනවාද? පත් වූ නිලධාරීන් ගමේ රගර් සංවර්ධනයට ලෝකයෙන් ලැබෙන ආධාර මුදල් තමන්ගේ වරදට දඬ ගෙවීම සඳහා යොදා ගැනීම සහ මේ වන විට ගිල්වා තිබෙන ණය බරේ ගිල්විමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයාටද නොරහසකි.
එසේනම් රටක රගර් ඉතා සීමිත භූමි පරිසරයකට සිමා වන ලෙස බල ගැන්වීම කරන්න අමාත්‍යවරයා සිතන්නේ ලෝක සහ ආසියානු සම්මේලන උවමනාව මත කීම අතාර්කික වන අතර ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ක්‍රීඩාව දීප ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙන් සහ වගකීමෙන් යුක්තනම් මේ එ් බව පිළිතුරු ලෙස ජාත්‍යන්තරයට සහ ආසියානු පරිපාලනයට දැණුම් දිය දැකිය. ඒත් වැරදිකාරයන් දඩුවම් නොකිරීම නිසා ආසියාවේ සිට ලෝකයේ ආශිර්වාදය ගෙන ලංකාවේ රගර් හී බලය ඉතා කුඩා වපසරියකට සිමා කර තමන්ගේ විනෝද භාණ්ඩයක් ලෙස පවත්වා ගැනීමට එම වරදට සබැඳි අයට ඇති දෙස් විදෙස් නියෝජනය මත මෙන්ම සමහර විට අමාත්‍යවරයාටත් ඊට ඉහළින් එන බලපෑම් මත දේශපාලන ආශිර්වාදය සහ නිලධාරි ආශිර්වාදය හිමි වී ඇත.
එහෙත් අප ක්‍රීඩා අමාත්‍යවරයා යනු මේ සියල්ල දැන වැඩ කිරීමට පැමිණි බව පුනා පුනා කියද්දී ද ඒ ආඩම්බරකාරකම මත සිටගෙනම වසර තිහක පමණ මේ පොළවේ සිව් අත ක්‍රීඩාව ගැන ඇති අත්දැකීම් මත ලියා තබන්නේ රගර් හී ප්‍රබෝධයද වත්මන් ක්‍රිකට් මෙන් ගමෙන් මතු කර ගත හැකිය යන විශ්වාසයෙන්ය.ඉතිහාසය විසින් ගම හකුළුවා දමන්නට පෙර රටේ රගර් තිබුණේ වැඩි පුර කන්ද උඩ රටය.එයිනුත් නුවරඑළිය ප්‍රදේශයට වන්නටය.ඌවේ ය.සබරගමුවට අයත් තල්දූව වැනි පෙදෙස්වලය.ඒ සියල්ල මැකී කොළඹ කේන්ද්‍රීය පාලනයක සහ කොළඹ කේන්ද්‍රීයව සැකසි ප්‍රභූ සමාජයකට ඒවා යටත් වී තිබීමේ ඛේදවාචකය නිමා කරන්නට සහ ගමේ ශක්‍යතා ගැන වෙනත් කෝණයකින් විශ්වසනීයව දකින්නට නව රජයට හැකි විය යුතුය.
පැවත්වෙන ප්‍රධාන තරගාවලියෙන් ඉනික්බිති පළාත් ලීග් තරගාවලියක් පැවත්වීම වැදගත්ය.ඒවාට කණ්ඩායම නම් කිරීමේදී අනිවර්යෙන් ඒ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් ඇතුළත් විය යුතු අතර අවම තරමේ බී ක්‍රීඩා සමාජයක දෙදෙනෙක් සහ පළාත නියෝජනය කරන ක්‍රීඩා සමාජයක එක් අයෙකුට අවස්ථාව හිමි විය යුතුය.කොළඹ ප්‍රදේශයේදී මේ තත්ත්වය වෙනස් විය හැකි බැවින් පළාත නියෝජනය කරන ක්‍රීඩකයා අනිවාර්යෙන්ම ඒ ක්‍රීඩා සමාජයකට සම්බන්ධ නැති අයෙකු විය යුතුය.බස්නාහිර පළාත් සංගමය මෙහිදී තමන් සතුව යම් සීමාවක් තබාගෙන ප්‍රාදේශිය නියෝජනය ගම්පහට හෝ කළුතරට ලබා දිය හැකිනම් එයත් වැදගත්ය.
ඊට අවශ්‍යය මුල්‍යමය ශක්තිය ඇති කර ගත හැකි පාළකයන් පත් විය යුතුය.‘මරු වඩේ අපි කරන්නම්‘ කියා අමාත්‍යංශයෙන් මුදල් නො‘ඉල්ලන පිරිසක් පරිපාලකයන් විය යුතුය.මේ තත්ත්වය වසර කිහිපයක් ක්‍රියාත්මක වුවහොත් රටේ රගර්වල විශාල වෙනසක් ඇති කිරීම අපහසු නැත.මේ තරගාවලි සංවිධානය කිරීමේදී ඊට මැදිහත් වන පළාත් සංගම් හරහා සෑම පළාතකම ක්‍රිඩාවට සුදුසු ක්‍රීඩාංගණයක් ද සකස් කර ගත යුතුය.මේවා අද බොහෝ දිස්ත්‍රික්කයන්හී ක්‍රීඩාවට ලැදි අයට දකින්නවත් නැති උපකරණය.
කොළඹ සහ මහනුවර මේ ගැන අර්බූදයක් නැතත් වෙනත් ක්‍රිඩාංගණ සැකසීමේදී රගර් ආස්වාදය බෝ කිරීමට බදුල්ල වින්ස්න්ට් ඩයස්,නුවරඑළිය රඳැල්ල,මඩකළපුව වේබර්,දෙහිඅත්තකණ්ඩිය මහවැලි,ත්‍රීකුණාමලය මැක්හෙයිසර්,යාපනය දොරේ අප්පා මෙන්ම කිලිනොච්චිය මහජන ක්‍රීඩාංගණය,අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය,පොළොන්නරුව සහ බෙලිඅත්ත නව ක්‍රීඩාංගන ද ලෙස ක්‍රීඩාංගණ රැසක් පහසුවෙන් රගර් ක්‍රීඩාවට සුදුසු ලෙස සකස් කර ගැනීමට හැකියාව ඇත.
ලෝක සම්මේලනයෙන් කැපී යන මුදල වැරදි තීරණයට මුල් වූ පුද්ගලයන්ගෙන් අය කර ගැනීමෙන් පමණක් එම අවශ්‍යයතාවය සපුරා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා රගර් වෙත ලැබෙනු ඇත.
පාපන්දුවට ද මෙම තත්ත්වයම බලපානු ඇත.අද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම යනු ගුණාත්මක අතින් ඉතා ඉහළ තැනෙක පසුවන ලෝකයේ වෘත්තීය මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් බව කිව යුතුය.රටක් හැටියට ලෝකයේ ඉදරියට යන්නට මේ සංයුතිය වැදගත්ය.එහෙත් රටේ කණ්ඩායම තරමට රටේ පාපන්දුව ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නැත.විදේශවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පැමිණීම,ඊට සාපේක්ෂව රටේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ජාතික මට්ටමට එන්නට ඇති අවම ඉඩ යනාදිය සැළකිල්ලට ගනිද්දී රටේ පාපන්දුවට යොමුවීම යම් ආකාරයකට උදාසීන මට්ටමක් කරා යමින් ඇත.
මේ ව්‍යහුය රටේ කණ්ඩායමේ දක්ෂතා පවත්වා ගෙන යන අතරේම රටේ පාපන්දුව ඉහළ නැංවීමේ වැඩ ක්‍රියාවලියක් බවට පත් කරන්නට ආණ්ඩුවට පාපන්දු සම්මේලනයට යෝජනා කළ හැකි කාරණා කිහිපයක් ඇත.එය අගමැතිගේ සහ ජනපතිගේ නමින් තරග පවත්වා ඔවුන්ව පිනවීමට එහා ගිය පොළවේ පාපන්දුවේ ප්‍රවර්ධනයට බලපාන ක්‍රියාදාමයක් ය.දේශපාලකයා පිනවීමේ අරමුණ ප්‍රදාන වුවහොත් එයට වන හානිය අප මිට පෙර අත්විද ඇති බැවින් මෙහිදී වැදගත්ම දේ මේ වන විට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන විදෙස් හී වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කරන මෙම පළාත් කණ්ඩායම්වලට ඇතුළත් කිරීමය.එහිදී ද පළාතට අදාළව එක් ක්‍රිඩකයෙක් මෙන්ම විදෙස් අත්දැකීම් ඇති වෘත්තීය ක්‍රීඩකයින් දෙදෙනෙක්වක් එම කණ්ඩායමකට ඇතුළත් වීම වැදගත්ය.
මේ කාරණා සඳහා පාපන්දු පරිපාලනයට අවශ්‍යය අනුග්‍රාහක සහය ලබා ගැනීම දේශිය වශයෙන් මෙන්ම විදෙස් සහයෙන්ද කළ හැකි අතර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රීඩකයන්ට ඉහළ මට්ටමේ ගෙවීමක් කර ඔවුන්ගේ වෘත්තිමායභාවයට නිවැරදි සැළකීමක් ලබා දීමට මෙන්ම දේශිය ක්‍රීඩකයන්ටද තරග සඳහා යහපත් ගෙවීමක් ඇති කිරීමද වැදගත්ය.මේ තත්ත්වය තුළ විදේශ අත්දැකීම් තුල දේශීය ක්‍රීඩකයා පෝෂණය වීම මෙන්ම යම් වෘත්තීය අගයක් හිමි වීම තුළ ජීවත්විමට ලැබෙන ආර්ථික සහයෙන් ද ලාංකේය පාපන්දු ක්‍රීඩකයාට මෙහි රැදී සිටීමට අරමුණක් ලැබෙනවා.වෘත්තීය ක්‍රීඩකයන් හා ක්‍රීඩා කිරීම නිසා වෘත්තීය ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ලැබෙන දේශිය වශයෙන් පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ තත්ත්වයද ඉහළ නැඟෙනවා.
ඉතාම වැදගත් දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට දිනා ගෙන සිටින මොහොතක, ඊට ආශිර්වාද කරන අතරේ මේ සම්බන්ධයෙන් පාපන්දු පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට හැකියි.එම ආකෘතිය ඇතුළේ පළාත් වෙනුවට අප යෝජනා කරන සංකල්පය පළාත් වෙනුවට පාපන්දුවලට අනුබද්ධව ඇති ලීග ඇතුළත් කර ක්‍රියාවට නැඟීය හැකියි.යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන විදේශීය අත්දැකීම් ඇති වෘත්තිමය ලාංකිකයන් මෙම ලීගවලට බෙදීමේදී අඩුවක් පෙන්වන්නේනම් එම ක්‍රීඩකයන්ට සමාන මට්ටමේ දක්ෂතා ඇති වෙනත් විදේශ ක්‍රීඩකයින් ගෙන්වා ගනිමින්,කණ්ඩායම් විවිධ වානිජ ආයතනවලට පවරමින් මෙය ක්‍රියාවට නැඟිය හැකියි. එසේම රගර් ක්‍රීඩාවේදී පවතින ව්‍යහුය ව්‍යස්ථාවෙන්ම අහෝසි කළහොත් මෙවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා මුල සිටම වෙනම මහන්සියක් දරන්නට වනු ඇත.
පාපන්දු ක්‍රීඩාවේ දී මෙන්ම විදේශගත ශ්‍රී ලාංකේය රගර් ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීම ඉකුත් ආසියානු තරගාවලියේදී දකින්නට ලැබුණු අතර එය ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමෙන් රට අපකීර්තියට පත් කළ නිලධාරීන්ට වඩා වැදගත් පියවරක් ලෙස ඇගයීමට ලක් නොවුණේ,ඒ කැදවීමේ ප්‍රතිපල දැක ගැනීමට හැකි අන්දමෙන් තරගාවලියට පෙර පුහුණුව සඳහා කණ්ඩායමට තිබුණු ඉඩ වසා දැමීමට කටයුතු සැකසීම නිසාය.
කෙසේ වුව ද අමාත්‍යවරයා ක්‍රිඩා මාධ්‍යවේදීන් පවසන දේ පිළිගැනීමට අවශ්‍යය නැති බව සිතන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හමුවේම ප්‍රකාශ කළේය. ඔහු මාධ්‍යකරුවාව ක්‍රීඩාවේ උන්නතියට අදාළ දැණුමක් නැති අයෙකු ලෙස සළකන බව හැගෙන අයුරෙන් කටයුතු කරන බවක් දැනෙන්නේය.මාධ්‍යකරුවා කියන දේ කිරීමට අවශ්‍යය නැති බවත්,එහෙත් තමන් කරන දේ ගැන ඕනෑම දෙයක් ලිවීමට (බොරු හෝ) අයිතිය ඇති බවත් පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් යහපත් අදහසක් නොදැරුවද,නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය ක්‍රීඩා පරිපාලනයන් යටතේ මෙන්ම දේශපාලන අධිකාරි යටතේ ද, මේ රටේ ක්‍රීඩාව සහ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට රැක දෙන්නට එම පරිපාලන ව්‍යහුයන් ඉක්මවා යමින් මාධ්‍යකරුවන් කළ කි දෑ දන්නා අයෙකි. ගහ දන්න මිනිහාට කොළ කඩා පාන්නා සේ නියෝජ්‍ය අමාක්‍යවරයා ද කිසිවක් නොදන්නා අයෙකු සේ නොසිතන තරමට අර්බූදයක් නැත්නම් මෙවැනි කාරණා අමාත්‍ය දෙපළට සාකච්ඡාවට ගැනීමට හැකියාව ඇත.
පාපන්දු සහ රගර් වැනිම අවශ්‍යයතාවයක් හොකී වැනි ක්‍රීඩාවන් කෙරෙහිද ඕනෑ කරන නමුත් එයට වඩා මූලිකත්වය පාපන්දු සහ රගර් වෙත ලබා දිය යුත්තේ කළාපීය වශයෙන් ගත් විට ලංකාව හොකී ක්‍රීඩාවට වඩා මෙම ක්‍රීඩා දෙකෙන් ඉදිරියට පැමිණිය හැකි මට්ටමේ පසුවන නිසයි.
