කියව කියවා වුණත් අපි වැඩේ කරනවා. මිනිස්සුන්ගෙ මොළ හෝදන එක අමාරුයි – කොට්ටහච්චි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීති සම්පාදන කිරීම පහසු කටයුත්තක් වුවත් ජනතාවගේ මොළ සේදීම අපහසු කටයුත්තක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

“අරගලයක් විදියට දිනාගත්ත දිනයක් තමයි අද අපි භුක්ති විඳින්නෙ. හැබැයි ඒක ඇත්තටම බිමට එනකොට ඒක ඒ විදියටම භුක්ති විඳින්න අපට අවස්ථාවක් ලැබිලා නෑ. සූසැට බරණින් සැරසීලා පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට නිරුපද්‍රිතව මැණිකක් දියමන්තියක් අතේ තියාගෙන කාන්තාවකට යන්නට තරම් සුරක්ෂිත පරිසරයක් අපේ රටේ තිබ්බා කියලා සාහිත්‍ය විමසනකොට පොත පතේ ලියවිලා තියෙනවා. අපි ඒ ඉතිහාසය ගැන උදම් අනනවා. නමුත් ප්‍රායෝගිකව මහපොළවට බහිනකොට ඒක එහෙම නෙවෙයි. අපට අපේ මාස ගාණක බිළිඳු දියණිය වගේම අවුරුදු 80 පැනපු වියපත් මිත්තණිය දක්වාම ඇයත් අද සමාජයේ අනාරක්ෂිතයි. තමන්ගෙ ගෙදර ඉඳලා අල්ලපු ගෙදරට යන අඩි දෙකේ තුනේ පාරේ අඩි දෙකේ තුනේ දුර යන්නත් වෙලා තියෙන්නෙ හරිම අනාරක්ෂිත පරිසරයක් තුළ. මං හිතනවා ඒක වෙනස් කරන්න තමයි අපිට බලය ලැබිලා තියෙන්නෙ. අපට හුඟක් අය කියනවා කියවා කියවා ඉන්න එපා, දැන් වැඩ කරන්න කියලා. හැබැයි අපට කියවා කියවා ඉන්නත් වෙලා තියෙනවා මොකද මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කිරීම තමයි මේ රටේ අමාරුම දේ. නීති හදන එක ලේසියි. හැබැයි මිනිස්සුන්ගේ මොළ හෝදන එක අමාරුයි. අපට තේරෙනවා කාන්තාවක් මුහුණ දීපු ඒ අත්දැකීම දන්නෙ ඒ කාන්තාව විතරයි. නමුත් ඒ කාන්තාව ඒ අත්දැකීම නීතිය ඉස්සරහට ගෙනිච්චාම සමාජයෙන් යම් පිළිසරණක් ඉල්ලලා ඒක සමාජය ඉස්සරහට ගෙනිච්චාම ඒ සමාජයෙම ඉන්න පිරිස ඇය වෙනුවෙන් කියන කතා මොනවද කියන එක අපි සමාජ මාධ්‍යයට ගියාම අපි දකිනවා. හැබැයි කියමින් වුණත් අපි අපේ වැඩ කොටස කරන බව මේ මොහොතේ මතක් කරන්න කැමතියි”

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 16) පැවති මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...