අදත් පාන්දරින්ම දකුණේ වෙඩිතැබීමක් !

0
553

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මාර්තු 17) අලුයම මිදිගම, පාතේගම ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.

මෙයින් ජීවිත හානි කිසිවක් සිදුව නැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.