දකුණේ බැඩ්මින්ටන් සැණකෙළියේ කාන්තා අංශයේ දී අලුත් පිබිදීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, (LNW)කොළඹ

ප්‍රේමසිරි හැළඹගේ අනුස්මරණය කරමින් පැවති දකුණු පළාත් විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ දී කාන්තා කේවල සූරතාවයත්,ප්‍රවීනා විජේසුන්දර සමඟ එක්ව කාන්තා යුගල සූරතාවයත් දිනා ගන්නට රනිත්මා ලියනගේ සමත් වුණා.


එසේම නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ නෙත්මි අමායා රත්නායක මෙම තරගාවලියේදී වීවෘත කේවල අංශයෙන් තරග වඳිමින් අනු සූරිය වීමට අමතරව, අවුරුදු 17 න් පහළ සූරතාවය මෙන්ම විවෘත අංශයේදී අවුරුදු 19 න් පහළ සූරතාවය දිනූ දසිත්මා ජයතිලක විවෘත අංශයේ අවසාන පූර්ව තරගයේදී පරාජය කිරීමත් කැපී පෙණුනා.දසිත්මා ද මේ වන විට දේශිය කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම් අනුව තරගාවලියේ අංක එකට නම් කර සිටි පංචාලි අධිකාරිව පරාජය කිරීම ද නිසා කාන්තා අංශයේදී අලුත් පරම්පරාවේ නැඟ ඒම පැහැදිළිව දකින්නට ලැබුණා.


පිරිමි කේවල අංශයේදී දක්ෂතා තිබුණත් අනපේක්ෂිත කඩා වැටීම් නිසා සූරතාවයන් කරා ළඟා වීමේ දුෂ්කරතාවලට මුහුණ දුන් ආශිංසන හේරත් සූරතාවය දිනා ගන්නට සමත් වුණා.මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි ශෙනුක් සමරරත්න තරගාවලිය නියෝජනය නොකළත්,අංක දෙකට නම් කර සිටි තිළිණ රාජකරුණාව අවසාන පූර්ව තරගයේදී පරාජය කරන්නට ආශිංසන සමත් වුණා.අවසාන තරගයේ දී ආශිංසන අතින් පරාජයට පත් වුණේ තුලිත් දෙව්මික පල්ලියගුරුයි.


පිරිමි යුගල අංශයේදී ඉන්දුනීසියානු සම්භවයක් ඇති ඇලන් ධර්මසුපුත්‍ර ක්‍රිස්ටාන්ටෝ සහ මාර්සෙල්ලෝ විට්ටෝරියෝමේනකි විසින් ලෝචන ඔෂාන් ඩි සිල්වා සහ ආශිෂන හේරත් අවසාන තරගයේදී පරාජයට පත් කරමින් සූරතාවය දිනා ගත්තා.මාර්සෙල්ලෝ මිශ්‍ර යුගල සූරතාවයට ද සාරා ඩේසි ක්‍රිස්ටිනා සමඟ එක්ව හිමිකම් කියන්නට සමත් වුණා.එහිදී මිශ්‍ර යුගල අංශයේදී අනු සූරතාවයට හිමිකම් කියන්නට සමත් වුණේ තිළිණ රාජකරුණා සහ වරංගනා ජයවර්ධනයි.


තරගාවලියට ප්‍රධාන විවෘත තරග අංශයන්ට අමතරව කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවලින් වයස් කාණ්ඩ තරග අංශ ද ක්‍රියාත්මක වුණ අතර ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාගාරය මාර්තු 10 දා සිට 16 දා දක්වා දිවයිනේ සිටින දක්ෂතා සහිත බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිරී ඉතිරී ගියේ එම ප්‍රදේශයේ ආර්ථිකයට ද යහපත් ශක්තියක් එකතු කරමින්.දකුණු පළාත් බැඩිම්න්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් මාර්ගොපදේශණය සහ අනුග්‍රාහකාත්ම අධීක්ෂනය යටතේ ක්‍රියාත්මක කළ මෙම තරගාවලිය වෙනුවෙන් ලීනින්ග්,හන්ඩ්‍රඩ්,මොබිල්,මිස්ටර් ෆික්ස්ඊට් වැනි අනුග්‍රහයන් රැසකගේ දායකත්වය හිමිව තිබුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...