ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන චීන චිත්‍රපටය!

Date:

කොළඹ LNW:“Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ “Star Wars:The Force Awakens” නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ 5 වන චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

ප්‍රවේශපත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්තවලට අනුව “Ne Zha 2” චිත්‍රපටයේ පූර්ව අලෙවිය ඇතුළුව ගෝලීය ආදායම පසුගිය 15 වනදා වන විට ඇ.ඩො බිලියන 2.09 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මස 29 වැනි දා චීන අලුත් අවුරුදු දින, ප්‍රදර්ශනය ආරම්භ වී දින 45කට පසුව මෙම සන්ධිස්ථානයට ළඟා වීමයි විශේෂත්වයි.

තනි වෙළඳපොලකින් ඇ.ඩො බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස “Ne Zha 2” ඉතිහාසයට එක් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...