ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන චීන චිත්‍රපටය!

කොළඹ LNW:“Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ “Star Wars:The Force Awakens” නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ 5 වන චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

ප්‍රවේශපත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්තවලට අනුව “Ne Zha 2” චිත්‍රපටයේ පූර්ව අලෙවිය ඇතුළුව ගෝලීය ආදායම පසුගිය 15 වනදා වන විට ඇ.ඩො බිලියන 2.09 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මස 29 වැනි දා චීන අලුත් අවුරුදු දින, ප්‍රදර්ශනය ආරම්භ වී දින 45කට පසුව මෙම සන්ධිස්ථානයට ළඟා වීමයි විශේෂත්වයි.

තනි වෙළඳපොලකින් ඇ.ඩො බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස “Ne Zha 2” ඉතිහාසයට එක් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...