*
Monday, March 17, 2025
spot_img

Latest Posts

මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ජනාධිපතිගේ නව මාධ්‍ය අධ්‍යක්ෂකට රු.මි 600ක් ඉල්ලා එන්තර වාසියක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතාට රු. මිලියන 600ක වන්දි මුදලක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර තිබේ.

සත්‍ය කරුණු වසන් කරමින් යම් දේශපාලන අරමුණක් උදෙසා හෝ මහජනතාව කුපිත කිරීමේ අරමුණින් හෝ අයුතු ලාභ ප්‍රයෝජනයක් උදෙසා මනෝජ් ගමගේ මහතා සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඔහුගේ කීර්තිනාමයට හානි කර ඇති බවටයි එම එන්තර වාසියෙන් පවසා ඇත්තේ.

පසුගියදා කෝප් කමිටුවේදී ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ජා කරන ලද කරුණු විකෘති කරමින් මනෝජ් ගමගේ මහතා සම්බන්ධයෙන් මහජනතාව තුළ ද්වේශ සහගත බවක් ඇති වන අන්දමට ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බවට මනෝජ් ගමගේ මහතාගේ පාර්ශවයෙන් චෝදනා එල්ල කර තිබේ.

මනෝජ් ගමගේ මහතා බාල බෙහෙත් ගෙන්වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිඳිමින් නිලධාරීන්ට බලපෑම් කළ බවට කිසිදු කරුණක් අනාවරණය වී නොතිබියදී සිසිර සෙන්පති කහවත්ත මහතා අසත්‍ය ප්‍රචාරයක් දියත්කර ඇති බවට එම එන්තර වාසියේ දක්වා තිබේ.

මනෝජ් ගමගේ මහතා නියෝජනය කළ අධ්‍යක්ෂ මණ්ඩලය බාල බෙහෙත් ජාවරාමට සම්බන්ධ නොවන බවටත් සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය වැරදි තොරතුරු මත නොමඟ යවමින් හා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ උල්ලංඝනය කරමින් එම ජාවාරම ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කර ඇති බවට දැනට පවතින අධිකරණ කටයුතුවලදී මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිව් පුද්ගල විශේෂ පරීක්ෂණ වාර්තාව මඟින්ද සනාථ කර තිබෙන පසුබිමක ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ විසින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කර ඇති බව එම එන්තරවාසිය මඟින් තවදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව එම එන්තරවාසිය ලැබී දින 14ක් තුළ අදාළ වන්දි මුදල ලබානොදෙන්නේ නම් එය අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයට යොමුවන බවද වැඩිදුරටත් දන්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan