ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී!

Date:

මාර්තු 17, කොළඹ (LNW):දකුණු කොරියාවේ පිහිටි ජාතික සිනමාරක්ෂණාගාරය (Korena Film Archive ) ට අයත් එරට ජාතික සිනමාතෙක් (Cinematheque)  ආයතනය ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කර තිබේ. 

මෙරට නිර්මාණය කළ  චිත්‍රපට 14ක් කොරියානු ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර උළෙල මෙම මාර්තු 27 දින සිට අප්‍රේල් 16 දින දක්වා සෝල් සිනමාතේක් ආයතයේදි පැවැත්වේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (Line of Destiny) ,ගම්පෙරළිය  ( Changes in the Village) ,නිධානය  (Treasure ),ධර්මසේන පතිරාජගේ  බඔරු අවිත් (The Wasp Are Here), ප්‍රසන්න විතානගේගේ ඔබ නැතිව-ඔබ එක්ක ( With You, Without You) ,පැරඩයිස් (Paradise), විමුක්ති ජයසුන්දරගේ සුළග එනු පිණිස ( The Forsaken Land), අහසින් වැටෙයි (Between Two Worlds ) ප්‍රසන්න ජයකොඩිගේ 28 , සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ( Flying Fish), දැවෙන විහගුන් ( Burning Birds) , විහග ප්‍රේමය  (Peacock Lament ), විශාකේෂ චන්ද්‍රසේකරන්ගේ මනල් (Sand ), ඉලංගෝ රාම්ගේ  නෙළුම් කුළුණ  ( Tentigo)  යන චිත්‍රපට උළේලේදි ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.

මීට අමතරව  ශ්‍රී ලංකා සිනමාවේ පුරෝගාමින්, ඔවුන්ගේ නිර්මාණ සහ නව ප්‍රවණතාවයන් පිළිබද විශේෂ දේශනයක් පැවැත්වීමට දැනට කොරියාවේ චුන්ග් අන්ග් විශ්ව විද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරට ආරාධනා කර තිබේ. අදාල දේශනය මාර්තු 29 දින පැවැත්වීමට නියමිතව තිබේ.

වැඩි විස්තර

https://eng.koreafilm.or.kr/cinematheque/programs/PI_01583

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...