ආරච්චිකට්ටුව බස් අනතුරින් 13ක් රෝහලට!

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, හේනකට්ටිය ප්‍රදේශයේ දී  රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසළ තිබූ අලෙවි සැලක හා මාර ගසක ගැටී අනතුරට  ලක්ව තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, බස් රථයේ ඉදිරි දුණු කොළ  කැඩීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුරින් බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 13ක් රෝහල් ගත කර ඇත.

පොලිසිය නිවේදනය කළේ, තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...