ගනේමුල්ලේ සංජීව උසාවි ගෙනා බූස්සේ ජේලර්වරයෙකු අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා ඝාතනයට ලක්වූ දිනයේදී ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයකි.

ඔහුව අද (මාර්තු 17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කරන ලද අතර CCD නිලධාරීන් එහිදී පැවසුවේ මෙම ජේලර්වරයා තම රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදුවූයේදැයි විමර්ශන සිදුකරන බවයි.

එසේම ගනේමුල්ලේ සංජීවට වෙඩිතබා අධිකරණ මැදිරියෙන් පළාගිය සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මෙම බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් CCD නිලධාරීහු එහිදී පැවසූ අතර සැකකාර ජේලර්වරයාගේ ජංගම දුරකථනයේ ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන් අතර සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...