වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක්!

Date:

කොළඹ LNW:දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසා එකී පනත යටතේ නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරී තිබෙන බව සඳහන්.

එම පනතේ 82(1) වගන්තිය අනුව අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් ” වත්කම් හා බැරකම්” ප්‍රකාශ කළ යුතු වෙයි.

” වත්කම් හා බැරකම් ” යන්නෙන් ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත, සෘජුව හෝ අර්ථදායක ලෙස හිමි නියෝග මඟින් එහි විස්තර නියම කරනු ලැබිය යුතු වත්කම්, බැරකම්, ආදායම්, වියදම් සහ පොලී මුදල් අදහස් කරනු ලැබේ.

ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2025 දූෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...