පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් – විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට !

0
1539

අද දහවල් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල උද්ගෝෂණයක නිරතව සිටි පුද්ගලයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම තත්වය මත එම ස්ථානය උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත බාරදී ඇති විස්වාසභංග යෝජනාවට සහාය ලබාදෙන්නැයි ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තු මාර්ගය අසල විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය කැඳවා ඇති අතර ඉන්පසු පොලීසිය සහ විරෝධතාකරුවන් අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය නොතකා පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද ආරම්භ වූ අතර ඊයේ රාත්‍රී සිට පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුම අදල යකඩ වැඩ යොදා බාධක දමා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here