ලන්ඩනයේ තීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වැසේ: ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක්

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

ලන්ඩනයේ තීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම හේතුවෙන්  ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර සිටියේ අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ,  හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත්ය .

එම නිවේදනය පහතින් 

උපුටා ගැනීම 


 ලන්ඩන් හීත්‍රෝ ගුවන් මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනය 


2025 මාර්තු 21, කොළඹ: ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළ අසල විදුලි උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් එම ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බැවින්, 2025 මාර්තු 21 වන දින ප.ව. 12:50ට කොළඹ සිට ලන්ඩන් වෙත පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 503 (කොළඹ සිට ලන්ඩන්) සහ ප.ව. 8:40ට ලන්ඩන් සිට කොළඹ වෙත පිටත්වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවනු ඇත.

බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. හීත්‍රෝ ගුවන්තොටුපළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ගුවන්තොටුපළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇත. 

වැඩිදුර සහාය ලබාගැනීම සඳහා කරුණාකර 1979 (ශ්‍රී ලංකාව තුළ), +94117 77 1979 (ජාත්‍යන්තර) හෝ +94744 44 1979 (WhatsApp chat) ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවා පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හෝ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ සංචාරක නියෝජිතයා අමතන ලෙස ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඔබගේ ඉවසීම සහ අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපගේ අවංක ස්තූතිය පලකර සිටින්නෙමු”. ලෙස සඳහන් කොට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...