සුඩාන හමුදාව එරට ජනාධිපති මැදුර අත්පත්කර ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සුඩානයේ හමුදා ව විසින් එරට පැරාමිලිටරි වේගවත් සහායක හමුදාවන්ට එරෙහිව සුවිශාල ජයග්‍රහණයක් වශයෙන් එරට අගනුවර වන කාර්ටූම් හි ජනාධිපති මන්දිරය නැවත අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.

ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුඩානයේ තොරතුරු අමාත්‍ය කලීඩ් අල්-අයිසර් විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක් කරමින් ප්‍රකශ කර තිබුණේ, සුඩාන හමුදාව විසින් මාලිගය නැවත අත්පත් කරගත් බවත්, අද දින ධජය ඔසවන බවත්, ජයග්‍රහණය සම්පූර්ණ වන තෙක් ගමන දිගටම පවතින බවත්ය.

කෙසේ නමුත් මාලිගය අත්පත් කරගැනීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් ජෙනරාල් මොහොමඩ් හම්දාන් ඩගාලෝගේ නායකත්වයෙන් යුත් ආර්එස්එෆ් – මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරය හේතුවෙන් මාධ්‍යවේදීන් තිදෙනෙක් මියගොස් ඇත.

සුඩානයේ ගැටුම ලොව විශාලතම මානුෂීය අර්බුදය නිර්මාණය කර ඇති අතර යුද්ධය හේතුවෙන් දස දහස් ගණනක් මියගොස් මිලියන ගණනක් අවතැන්ව ඇත. දිගුකාලීන ඒකාධිපති ජනාධිපති ඕමාර් අල්-බෂීර් ඉවත් කිරීම වෙනුවෙන් 2021වසරේ දී ජෙනරාල් අබ්දෙල් ෆට්ටා අල්-බර්හාන් සහ ඩගාලෝ හමුදා කුමන්ත්‍රණයකට නායකත්වය දෙනු ලැබූ අතර අවසානයේ රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...