ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන් 530,000 දෙනෙකුගේ නීතිමය තත්ත්වය අවලංගු කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණි මිලියන භාගයකට අධික සංක්‍රමණිකයින්ගේ විසා බලපත්‍ර නැවත අලුත් නොකරන බවට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම පිරිස පිටිවහල් පිරීමට පෙර රට හැර යන ලෙස අනතුරු අඟවා ඇති අතර නීත්‍යානුකූල සංක්‍රමණික මාර්ග විවෘත කිරීම සඳහා නිර්මාණය කරන ලද CHNV ලෙස හැඳින්වෙන බයිඩන් යුගයේ අනුග්‍රාහක ක්‍රියාවලියක් යටතේ සංක්‍රමණිකයන් 530,000 ක් එක්සත් ජනපදයට ගෙන එන ලදී. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු වැඩසටහන අත්හිටුවන ලදී.

මිට අමතරව රුසියානු යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදයට පලා ගිය යුක්රේනියානුවන් 240,000 ක පමණ පිරිසකගේ තාවකාලික නීතිමය තත්ත්වය අවලංගු කළ යුතුද යන්න ට්‍රම්ප් සලකා බලමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...