අයවැයට සහය දුන් විපක්ෂ මන්ත්‍රී කාදර් මස්තාන්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක්!

Date:

කොළඹ LNW: 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිතා කළේය.

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් එය සම්මත වූ අතර අයවැයට සහය දීම සම්බන්ධයෙන් කාදර් මස්තාන් මහතා මාධ්‍යයට අදජ්හස් දක්වා තිබේ.

මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාව දී තිබෙන බලයාට් විරුද්ධව ක්‍රියා කිරීමට වඩා ජනතාව වෙනුවෙන් සහය දීම කළ යුතු වන බවයි.

“මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ. අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.” යනුවෙන් මන්ත්‍රීවරයා පවසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...